ඩලස් ඊයේ වෙනකල්ම අගමැති, අද අකැමැති !

Date:

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඊයේ (09) දිනය වනතුරුම ඩලස් අලහප්පෙරුම මහතා කැමැත්ත ප්‍රකාශ කර සිටියත් අද දිනයේදී ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කුඩා පක්ෂ සන්ධානය ඇතුළත් ස්වාධීන මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම අද විශේෂ රැස්වීමක් කැඳවීමට නියමිත බවත් වාර්තා විය.

මෙම ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස අද රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිත ය. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු යටතේ අන්තර්වාර පාලනයක් පිහිටුවන ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...