ඩලස් ඊයේ වෙනකල්ම අගමැති, අද අකැමැති !

Date:

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඊයේ (09) දිනය වනතුරුම ඩලස් අලහප්පෙරුම මහතා කැමැත්ත ප්‍රකාශ කර සිටියත් අද දිනයේදී ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කුඩා පක්ෂ සන්ධානය ඇතුළත් ස්වාධීන මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම අද විශේෂ රැස්වීමක් කැඳවීමට නියමිත බවත් වාර්තා විය.

මෙම ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස අද රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිත ය. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු යටතේ අන්තර්වාර පාලනයක් පිහිටුවන ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...