පැය 30 කුත් ඉක්මවමින් මහජන විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මකයි …

Date:

ඊයේ (09) උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ආරම්භ වූ දැවැන්ත මහජන විරෝධතාව මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඊයේ රාත්‍රිය එළිවෙනතුරාම විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සටන් පාඨ කියමින් රැඳී සිටි අතර අද (10) දහවල් වනවිට ඇද හැළුණු මහවැසිත් නොතකා විවිධ ප්‍රදේශවල සිට ජනකාය ඊට එක්වෙනු දක්නට ලැබිණි.

විරෝධතාවෙහි නිරත වී සිටින පිරිස සඳහා අවශ්‍ය ආහාර හා ජලය ද ඔවුනොවුන්ව එකමුතුව සපයා ගන්නා ආකාරයත් ඉතාම සාමුහිකව ඔවුන් එහිදී කටයුතු කරන ආකාරයත් එහි දැකගැනීමට හැකිවිය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින්ම කැඳවනු ලැබූ මෙම විරෝධතාව අද රාත්‍රිය පුරාත් ක්‍රියාත්මක වීමට නියමිතය.

May be an image of one or more people, people standing and outdoors
May be an image of 3 people and cloud
May be an image of 2 people, people standing and outdoors
May be an image of one or more people, people standing, people sitting, motorcycle, road and crowd
May be an image of one or more people, people standing, crowd and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...