සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට අත්සන් තබයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (10) දිනයේදී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එම පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා අද දිනයේදී විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණු අතර එහිදී මෙම අත්සන් එකතු කිරීම සිදුකර තිබේ.

RN