තවත් මාසයක් යනකොට රට බංකොලොත් – හිටපු විගණකාධිපති

Date:

තවත් මාසයක කාලයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. අද කොළඹදී පැවති විරෝධතාවයකට සහභාගිවෙමින් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙවැනි ඉරණමක් අත්වන බවට වසරකට පමණ පෙර සිට අනතුරු ඇඟවීම් සිදුකළ නමුත් ආණ්ඩුව ඊට කන්දීමට සූදානම් නොවූ බවයි හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

වත්මන් පාලනයට ලබාදිය හැකි එකම විසඳුම දිගින් දිගටම විදෙස් රටවලින් ණය ලබාගෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම පමණක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට උගසට තැබීමට සිදුවන බවත් පෙන්වා දෙන ගාමිණී විජේසිංහ මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගියද ස්ථිර විසඳුමක් නොලැබෙන බවයි.

රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩ ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හෝ අනුර දිසානායක මහතාට හෝ නොහැකි බවද ඔහු පවසනවා. පවත්නා ක්‍රමය නඩත්තු කිරීම හැර වෙනත් විසඳුමක් ඔවුන් සතුව නොමැති බවද ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...