*
Friday, April 18, 2025
spot_img

Latest Posts

ස්කෝල සෙල්ලම නරක අතට

නිශ්මං රණසිංහ අප්‍රේල් 10 කොළඹ LNW :

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඇරඹි පාසල් සහය දිවීමේ සැණකෙළියේ වැඩිම අවධානයක් යොමු වුණේ ක්‍රීඩාපිටියේ තරගකාරීත්වය පරයා නැඟෙන වෙනත් පාසල්වල ක්‍රීඩකයින් පැහැර ගැනීම ගැනය.මේ නිසා සමහර පාසල් ශක්තිමත් වී තිබුණු අතර සමහර පාසල්වලට ඇතැම් වයස් කාණ්ඩවලට තරග කරන්න ක්‍රීඩකයින් අහිමි වීම නිසා සහය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබුණේ ද නැත.
කුඩා,එමෙන්ම ධනවත් නැති අසීරුවෙන් ක්‍රීඩාව නඩත්තු කරන පාසලකින් ක්‍රීඩකයෙකු මිල දී ගත් විට තත්ත්වය වන්නේ ඒ පාසලට සහය දිවීමේ කණ්ඩායමක්වත් පවත්වාගෙන යාමට ඉඩක් නොමැති වී පාසලේම ක්‍රිඩාව කඩා වැටීමය.ඒ සමඟ තවත් දක්ෂයන් බිහිවිමේ ක්‍රියාවලියටද තිත වැටෙන අතර පුහුණුකරුවන්ද මන්දෝත්සාහි විම සාමාන්‍ය තත්ත්වයය.


ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තමන්ගේ අනාගතය වඩාත් පලදායි තැනෙක තැබීමට ඇති ඉඩ ගැන විවාදයක් නැත.එහෙත් පුද්ගලයෙක් අහිමි වීමෙන් යම් පාසලක ගොඩ නැඟෙමින් තිබෙන සංස්කෘතිය විනාශ කිරීම සාන්තුවර උපකාරයක් ලෙස ගත නොහැකිය.මේ තත්ත්වයට මුහුණ දීමට අධ්‍යාපන අමාත්‍යංශය මීට වඩා පියවර ගත යුතුය.සාමාන්‍ය පෙළ ප්‍රතිපල මත නොවන,ඊට පෙර පාසලකට මාරු වෙන දරුවෙකුට වසර දෙකක කාලයක් වෙනත් පාසලක් නියෝජනය කරන්නට අවස්ථාව නොදී සිටීම වැදගත්ය.
ක්‍රීඩාවට සහ ක්‍රීඩකයාට සැබවින්ම ආදරේනම් ඔහුව අලුතෙන් ක්‍රීඩාව සඳහා ඇතුළත් කර ගන්නා පාසල වසරක කාලයක් ඔහුගෙන් රන් අස්වනු නො‘ඉල්ලා,ඔහුව රැක බලා ගන්නට ඉදිරිපත් වනු ඇත.ඒ වසර එම ක්‍රීඩකයා නඩත්තු කරමින් පෝෂණය කරමින් තරග සඳහා ඉදිරිපත් නොකර සිටීමට ද,ය් ජාත්‍යන්තර තරග අවස්ථාවක් ඔහුට හෝ ඇයට මෙ වසරක කාලය තුළ අහිමිවීමේ අර්බූදයක් ඇත්නම් කණ්ඩායමක්නම් සිටිය පාසලටම ක්‍රීඩා කරවීමටත්,කේවල ඉසව්වක්නම් සිටිය පාසලට හෝ නිදහස්ව තේරීම් තරග සඳහා ඉදරිපත්වීමටත් ලෙස පහසුකම් ලබා දිය යුතුය.


අධ්‍යාපන අමාත්‍යංශය බොහොම අවධානයෙන් මේ සඳහා මැදිහත් විය යුතුය.ක්‍රීඩකයා වැදගත්ම කොටස බැවින් ඔහුගේ දක්ෂතා අනුව ජාතික තේරීමකදි ක්‍රීඩකයාට අසාධාරණයක් නොවන්න ක්‍රියා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වි ක්‍රියා කළ යුතුය.මේ මැදිහත්වීම වහාම සිඳු නොවන්නේ නම් ලංකාවේ ක්‍රීඩාවේ අනාගතය හැකිලී යනු ඇත.සමහර පාසල්වල නැගිටීම කොඳු බිඳ පසෙකට කර මුදල් විය පැහැදම් කරන්නට පදනමක් ඇති,දනවත් ආදි සිසු සංගම් සිටින පාසල් පමණක් ක්‍රීඩා පිටි තුළ ඉතිරිවනු ඇත.
මේ රජය ක්‍රීඩාව ගැන සහ ක්‍රීඩාවට ගමට ඇති දායකත්වය ගැන මැදිහත්වීම ප්‍රමාණවත් නැති බවක් පෙනෙන්නට ඇත.ගමේ ක්‍රීඩාව රැකෙන්නේ ගමේ පාසල්වල නිර්මාණය වන ක්‍රීඩකයින් පැහැර ගැනීමේ ඉඩ තුළ නොවේය.ගමේ පාසලේ ක්‍රීඩාව තිබියදී යම් අයෙකු සම්බන්ධ කර ගැනීමේ ගැටළුවක් නැත.එහෙත් ඒ වෙනුවට මේ වන විට මූල්‍යමය වශයෙන් වන ශක්තිය පදනම් කර ගෙන,දුප්පත් පාසල්වල ක්‍රීඩාවේ විනාශය හෝ කඩා වැටීම තඹයකට ගණන් නොගෙන ක්‍රියා කිරිමනම් ක්‍රීඩාශීලී මහත්මා ගුණයක් නොවන බව කිව යුතුය.


එය ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ වහාම අධ්‍යාපන අමාත්‍යංශය යම් යම් සිමා පනවා නැවත්වීමට නොව පාලනයකට යටත් කිරීම වටින්නේය.වසර දෙකක කාලයක් අස් විමෙන් පසු වෙනත් පාසලකට ක්‍රීඩා කරන්නට ඉඩ නොදීම අපේ අදහසට අනුව වැදගත් වෙනු ඇත.එම තත්ත්වය තුළ ක්‍රීඩකයාටද අසාධාරණයක් නොවන්න තීරණවලට පැමිණීම වැදගත් අතර මෙවැනි තත්ත්වයකදී දක්ෂතාවයට උපකාර කිරීමට පාසලට ඇතුළත් කර ගන්නා ළමෙයෙකු වෙනුවෙන් ඒ යහපත් පරමාර්ථයනම් ප්‍රමුඛව ඇත්තේ, වසරක කාලයක් එම ක්‍රීඩකයාව එම පාසලෙන් නඩත්තු කිරීම සාමාන්‍ය දෙයකි.


විනාශකාරි ලෙස තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැහැර ගැනීම් ලෙස සිඳුවන පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවට,ක්‍රීඩකයාට සහ ක්‍රීඩාවටත් ආදරයෙන් කරන අනුග්‍රහයක් ලෙස සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් කැපවෙන සංස්කෘතියක් නිර්මාණය කළ යුතුව ඇත.නැත්නම් කුඩා පාසල්වල දක්ෂයන් එම පාසල්වලට අහිමිවීම පමණක් නොව සීමාසහිත පාසල් ප්‍රමාණයකට ක්‍රීඩාව සීමා වීමද සිඳුවනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan