ඇප මත නිදහස් වූ දේශබන්දු

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 10 කොළඹ LNW :

අද (10) පෙරවරුවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇපමත මුදාහැර තිබේ.

කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.

පසුව තෙන්නකෝන් මහතා මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

පසුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි.

අනතුරුව අද දින තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...