පළාත් පාලන ආයතන හයක තැපැල් ඡන්ද තැපෑලට භාරදීම අද මහනුවරදී!

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතන ඡන්ද විමසුමට අදාලව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක තැපැල් ඡන්ද තැපෑලට භාරදීම අද (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

මහනුවර මහ නගර සභාව, වත්තේගම, කඩුගන්නාව සහ ගම්පොල නගර සභාව, තුම්පනේ සහ මිනිපේ ප්‍රාදේශීය සභා සඳහා වන තැපැල් ඡන්ද 11235ක් තැපෑලට භාරදීම අද සිදුවූ බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 52575 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත අතර මැදදුම්බර ප්‍රාදේශීය සභාව සහ නාවලපිටිය නගර සභාව සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 2923ක් තැපෑලට භාරදීම ඉකුත්දා (07) සිදුකළ බව ද ඒ මහතා සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසුමට අදාළව තවත් පාළාත් පාලන ආයතන 14ක් සඳහා ඡන්ද පත්‍රිකා 38417ක් ඉදිරියේදී තැපෑලට භාරදිමට නියමිත යැයි ද මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...