පළාත් පාලන ආයතන හයක තැපැල් ඡන්ද තැපෑලට භාරදීම අද මහනුවරදී!

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතන ඡන්ද විමසුමට අදාලව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක තැපැල් ඡන්ද තැපෑලට භාරදීම අද (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

මහනුවර මහ නගර සභාව, වත්තේගම, කඩුගන්නාව සහ ගම්පොල නගර සභාව, තුම්පනේ සහ මිනිපේ ප්‍රාදේශීය සභා සඳහා වන තැපැල් ඡන්ද 11235ක් තැපෑලට භාරදීම අද සිදුවූ බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 52575 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත අතර මැදදුම්බර ප්‍රාදේශීය සභාව සහ නාවලපිටිය නගර සභාව සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 2923ක් තැපෑලට භාරදීම ඉකුත්දා (07) සිදුකළ බව ද ඒ මහතා සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසුමට අදාළව තවත් පාළාත් පාලන ආයතන 14ක් සඳහා ඡන්ද පත්‍රිකා 38417ක් ඉදිරියේදී තැපෑලට භාරදිමට නියමිත යැයි ද මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...