අප්‍රේල් 10, කොළඹ LNW :
මෙරට පුරවැසියන් වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ගල් අගුරු වංචාවට බාල ප්‍රමිතියේ ගල් අගුරු ගෙන ඒමට විරුද්ධව මේ රජය ක්‍රියාත්මක කළ දූෂිත වංචනික ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බැස්ස බවත් ගල් අගුරු වංචාව ගැන රටට හෙළිදරව් කළේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් A/C කාමරවල සිට යකඩ කටවල් හරහා වීරයෝ බවට පත්වෙන අය හිටියත් රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද හවස් වන විට මේ ගල් අගුරු හොරුන්ට සහයෝගය ලබා දෙන්නේ කවුද කියා අනාවරණය වන බවත් ලක්ෂ 220 ජනතාවත් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් සැබවින්ම අත උස්සන්නේ කවුද කියා අද රටට අනාවරණය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගල් අගුරු වංචනිකයන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා අද සමගි ජන බලවේගය පොල්දූව මංසන්ධියේ දී සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය අමතමිනි.
බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය උත්පාදනය නොවන නිසා ඩීසල් බලාගාර හරහා විදුලිය උත්පාදනය වන විට ඒ දූෂණයේ වංචාවේ බර පටවන්න හදන්නේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිලට බවත් මෙසේ ගල් අගුරු වංචාව හරහා නිර්මාණය වන වැඩි විදුලි බිල ගෙවන්න මේ රටේ විදුලි පාරිභෝගිකයන් සූදානම් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජරට ප්‍රදේශයේ දුප්පත් ගෙදරකට රු. 80000ක විදුලි බිලක් එවීම නිසා ඒ මව අදටත් අන්දකාරයේ බවත් ඒ ආකාරයේ අප රටේ බොහෝ පිරිසක් අන්ධකාරයේ බවත් දැන් නිවේදන නිකුත් නොකර රහසේම විදුලිය කප්පාදු කරන බවත් මෙසේ විදුලිය කපන්නේ බාල ගල් අගුරු වංචනික ක්‍රියාදාමය නිසා බවත් ඒ නිසා සමගි ජන බලවේගය සමඟ පෙළ ගැසී මානව අයිතියක් වන අඛණ්ඩ විදුලි සැපයුම වෙනුවෙන් පෙනී සිටින ලෙසත් දූෂිත වංචනික ගල් අගුරු වංචාවට විරුද්ධව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සටන් වදින බවත් ඒ වෙනුවෙන් නැගී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම මේ වංචාවට විරුද්ධව විනයගරුකව නීතිගරුකව කටයුතු කළ යුතු බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය සටන් කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



