ඇතැම් ප්‍රදේශවලට තරමක් තද වැසි

Date:

අද (10) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

අද දින දහවල් 12:11ට ආනමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...