*
Friday, May 17, 2024
spot_img

Latest Posts

සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්

රජයෙන් සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පවුල් පිළිබඳ සංගණන කටයුතු අදින් (10) අවසන් වීමට නියමිතව තිබේ.

“ඇත්තම කියමු – ඇත්තම අයට ප්‍රතිලාභ දෙමු” යන තේමාව යටතේ රජයේ සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් හඳුනාගැනීම වෙනුවෙන් කැඳවූ අයදුම්පත්වල තොරතුරු තහවුරු කරගැනීම සඳහා මෙම සංගණන වැඩසටහන ක්‍රියාත්මක විය.

සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබුණු අතර එම තොරතුරු තහවුරු කරගැනීමේ කාලසීමාව මාර්තු 31 සිට අද දිනය දක්වා දීර්ඝ කරනු ලැබිණි.

අප්‍රේල් මුල් සතිය වනවිට අයදුම්පත් 2,458,424ක තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කර අවසන් කර තිබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සංගණනය අවසන් වීමෙන් අනතුරුව ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් අයගේ නාමලේඛනය සකස් කර එය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan