නිර්වින්දන ඖෂධය රසායනාගාර පරීක්ෂාවකට ලක්කල යුතුය – රසායනාගාර විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරටට ගෙන්වූ ඉන්දීය නිර්වින්දන ඖෂධයක් නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් එක් ගැබිනිමාතාවක් මියගොස් තවත් කිහිප දෙනකුට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් එම ඖෂධය මේ වනවිට භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට මියන්මාර රජයෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු ඖෂධයක් රජයේ රෝහල් සඳහා ලබාදීමට යෑම පිළිබඳ සැක මතුවී ඇති බැවින් වහාම එම ඖෂධ රසායනාගාර පරීක්ෂාවකට ලක් කරන ලෙස රසායනාගාර විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

ඉන්දීය රජයෙන් මෙරටට ගෙන්වූ නිර්වින්දන ඖෂධ තවදුරටත් භාවිතා කිරීම තහනම් කිරීමත් සමඟ, මියන්මාර රජයෙන් ලැබුණු ඖෂධ බෙදා හැරීම සිදුවුවද, එම ඖෂධ සම්භන්ධයෙන් ද කිසිදු රසායනික පරීක්ෂාවක් සිදුවී නොමැති බවත් , මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කිරීමක් හෝ කර නොමැති බව සංගම් සභාපති රවි කුමුදේශ් මහතා පවසන අතර එම ඖෂධ මියන්මාර රජයෙන් ලබාදුන් නමුත් , ඒවා නිශ්පාදනය කර ඇත්තේ බංගලාදේශයේ වන අතර ,මියන්මාරයෙහි මෙම ඖෂධ කිසිදු ලියාපදිංචියක් සිදු කර නොමැති බවද ඔහු පවසයි .

රසායනික පරීක්ෂණයක් තොරව ලබාදුන් ඉන්දීය ඖෂධ සන්කූකතාවයක් මත ජීවිතයක් ගත නැති වී තිබියදී නැවතත් එවැනිම පරීක්ෂකයින් තොරවූ ඖෂධ වර්ගයක් භාවිත කිරීමට යොදාගන්නේ කුමන පදනමකින්දැයි වෘත්තිය සමිති රජයෙන් ප්‍රශ්න කරති.

එබැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වෘත්තිය සමිති සෞඛ්‍යය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...