*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

නව දූෂණ විරෝධී පනතෙන් මහා පරිමාණ හොරු බේරෙන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW:ත්‍රස්ත විරෝධී පනත මෙන් දූෂණ විරෝධී පනතද මර්දනීය පනතක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් රට තුළ දැවැන්ත විරෝධයක් ගොඩනැගී තිබුණද ගැසට් කර තිබෙන දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නොමැති බවත් එවැනි තත්ත්වයක් ගොඩනැගී ඇත්තේ එහි මතුපිට අර්ථයෙන් එන අල්ලස දූෂණය නතර කිරීමට ගෙන ආ පනතක යැයි සිතා විය හැකි බවයි ජයගොඩ මහතා සඳහන් කරන්නේ.

එහෙත් මෙම පනත හරහා කිරීමට සැරසෙන්නේ මහා පරිමාණයෙන් මහජන මුදල් කොල්ලකන,වංචාකරන අය බේරාගෙන ආණ්ඩුවට එරෙහිව කතා කරන රජයේ නිලධාරීන් දඩයම් කිරීම බව හෙතෙම අවධාරණය කරයි.

මෙය සිංගප්පූරුවේ සකස් කළ පනත දෙස බලාගෙන හැදූ පනතක් බවට ඉතා පැහැදිලි බවද ජයගොඩ මහතා සඳහන් කරයි.

නව දූෂණ විරෝධී පනත බලාත්මක වූ පසු ලංකාවේ දැනට ක්‍රියාත්මක පනත තුනක් අහෝසි වන අතර ඒවා නම් අල්ලස් පනත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත හා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත බව ඔහු පෙන්වාදෙයි.

මෙහිදී දුෂණ විරෝධී පනත හරහා කොමිසමක් පත්වෙන බවත් ඊට නම් යෝජනා කරන්නේ ජනාධිපතිවරයා බවත් එය ව්‍යවස්ථාදායක සභාව හරහා අනුමත වීමට නියමිත බවත් ජයගොඩ මහතා කියාසිටියි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි ඔහුට අවශ්‍ය අය පත්කිරීම සිදුවන බව හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan