අවුරුද්දට නිදහස ලබා ගෙදර යන රැදවියෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වූ සිරකරුවන් 779ක් නිදහස ලබා මෙම 13 වැනිදා බන්ධනාගාරවලින් පිටව යෑමට නියමිත බව බන්ධනාගාර දෙපාර්මේන්තුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වැනි වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව, සිරකරුවන්ට මෙම වි‍‍ශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබෙන අතර ,නිදහස ලබන මෙම රැඳවූවන්ගෙන් 11 දෙනෙක් කාන්තා රැඳවූවෝ වෙති.

මෙවර වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස ලබා ඇත්තේ පල්ලේකැලේ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 210කි.

වීරවිල බන්ධනාගාරයෙන් සිරකරුවන් 91ක් ද තල්දෙන බන්ධනාගාරයෙන් 88ක් ද මහර බන්ධනාගාරයෙන් 56ක් ද අඹේපුස්ස බන්ධනාගාරයෙන් 43ක් ද අනුරාධපුර බන්ධනාගාරයෙන් 30ක් ද වශයෙන් බන්ධනාගාර 29කින් මෙම සිරකරුවන් නිදහස ලබා ඇති බව පැවසේ.

ගත කරන ලද සිරදඬුවම් කාලයෙන් වසරකට සති 01ක් අඩු කිරීම, පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවූවන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම, දඩ මුදල් අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් නිදහස ලැබීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...