අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): අද (11) ට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක යෙදී තිබේ. 

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වන අතර, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

මේ අතර අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 15 වන දිනට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...

බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්...

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...