විරෙන්ට සහ රනිත්මාට පරාජය

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 11, කොළඹ (LNW): චීනයේ ක්‍රියාත්මක නින්ග්බෝ බැංකු ආසියාතික බැඩිමින්ටන් සූරතාවලියේ ප්‍රධාන තරගකරුවන් 32 වටය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ පිරිමි කේවල තරගයේදී ද,රනිත්මා ලියනගේ කාන්තා කේවල තරගයේදී ද පරාජයට පත් වුණා.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 72 වන ස්ථානයේ සිටින විරේන් පරාජයට පත් වුණේ 83 වන තැන සිටින වියට්නාමයේ නුගුයෑන් හියි ඩෑන්ග් වෙතින්.එම තරගයේ ලකුණු සටහන දැක් වුණේ ලකුණු 21 – 12 සහ 21 – 18 ක් ලෙසයි.කාන්තා තරගයට රනිත්මා සුදුසුකම් ලබා ගත්තේ සුදුසුකම් ලබා ගැනීමේ ලීග් වටයේදී සිය කාණ්ඩයේ සෙසු ක්‍රීඩිකාවන් පරාජයට පත් කරමින්.ප්‍රධාන 32 ක්‍රීඩා කරන වටයේදී ඇයගේ ප්‍රතිවාදියා වූයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල හය වන තැන සිටින චීනයේ හී බෙන්ග් ජියාවෝ වන අතර එම තරගයේ දී චීන ක්‍රීඩිකාව ලකුණු 21 – 13 ක් සහ 21 – 09 ක් ලෙස තරගය ජය ගන්නට සමත් වුණා.

රනිත්මා සහ හී බෙන්ග් අතර තරගයට විනාඩි 32 ක් ගත වූ අතර විරෙන් සහ න්ගුයෑන් අතර තරගය විනාඩි 50 කාලයක් පැවත්වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...