*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බන්දුල වර්ණපුර අනුස්මරණ විස්සයි විස්ස තරගාවලියේ සූරතාවය වෙළද සේවා කණ්ඩායමට

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 11, කොළඹ (LNW): බන්දුල වර්ණපුර අනුස්මරණ අභියෝග කුසලානය සඳහා තෙවන වරට පැවති තරගයෙන් MCA හි හිටපු සභාපති රෝහණ දිසානායකගේ නායකත්වයෙන් යුත් වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ප්‍රවීණයන්, ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනම (SHSOSF) කඩුළු 08 කින් පරාජය කරමින්, පළමු වරට සූරතාවයට හිමිකම් කීවේය.ගන්නා ලදී. විස්සයි විස්ස තරගයක් ලෙස 2024, අප්‍රේල් 07 වැනි ඉරිදා MCA පිටියේදී මෙම තරගය පැවත්විණි.
MCA කණ්ඩායම ආරම්භක පිතිකරු වසන්තලාල් ප්‍රනාන්දු පන්දු 43කදී නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේ හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් සමඟින්ය. පිට දඟපන්දු යවන ක්‍රීඩක අනුෂ් පෙරේරා සිය පන්දු ඕවර් 04 තුළ දී ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.

පසුගිය දිනයක විස්සයි විස්ස ක්‍රිකට් ආකෘතිය සම්බන්ධයෙන් දැඬි විවේචනයක් එල්ල කළ අර්ජුන රණතුංග,මෙම තරගයේදී ඕල්කට් කණ්ඩායම වෙනුවෙන් මෙම විස්සයි විස්ස තරගයට නායකත්වය ලබා දුන්නේය.අර්ජුන කාසියේ වාසිය දිනා ඕල්කට් පදනමට පළමුව පන්දුවට පහර දීමට බඩ ලබා ගත්තේය. MCA පන්දු යවන්නන්වන අනුෂ් පෙරේරාත් දුමින්ද පින්ටෝ සහ දඟපන්දු පුණ්‍යකාන්ත අබේගුණසේකරත් ඇති කළ පීඩනය හමුවේ ඕල්කට් කණ්ඩායමට ඕවර 20කදී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 5 ට ලකුණු 116ක් පමණි.

ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය MCA පිල වෙනුවෙන් මොරටු පුරවරය නියෝජනය කළ වේල්ස් කුමර ආදි සිසු වසන්තලාල් ප්‍රනාන්දුත්,ශාන්ත සෙබස්තියන් පිල නියෝජනය කළ විදාර අබේවර්ධනත් එක් කළ ලකුණු 66ක ආරම්භක සබඳතාවය සමඟ ජයග්‍රහණයට ඇති මාර්ගය පැහැදිළි විය.
ඒ නිසා අජිත් ඒකනායක (මලියදේව/කුරුණෑගල), ලාල් රණසිංහ (ධර්මාශෝක/අම්බලන්ගොඩ) වැනි ප්‍රබල ඕල්කට් දඟපන්දු ප්‍රහාරකයන් පාලනය කර ගනිමින් වෙළද සේවා කණ්ඩායමට කඩුලු 2 ක් පමණක් අහිමි කර ගනිමින් ජයග්‍රහණය කරා ළඟා වීමට හැකි විය.

මෙම අවස්ථාවට සහභාගී වූ අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ පවුලේ සාමාජිකයන් වන හේමමාලි (බිරිඳ), මාධව (පුතා) සහ උපාලි (සහෝදරයා) ඇතුළු පිරිසක් එක්ව සිටීම කැපී පෙණින.ජායාරූපයේ දැක්වෙන්නේ සූරතා කුසලානය වෙළද සේවා නායක රෝහණ දිසානායක අතට පත් වූ අවස්ථාවයි..
ලකුණු පූවරුව සැකෙවින්-
SHSOSF – ඕවර 20කදී කඩුලු 05කට 115 (තිලාන් විජේසිංහ 23, සුදර්ශන් ගුරුගේ 13, දුමින්ද වික්‍රමසිංහ නොදැවී 20, දුමින්ද සෝමවීර නොදැවී 20, අනුෂ් පෙරේරා 3/18)
MCA ප්‍රවීණයන් – ඕවර 16.5කදී කඩුලු 02කට 119 (වසන්තලාල් ප්‍රනාන්දු නොදැවී 56, විදාර අබේවර්ධන 27, සංජය අත්තනායක නොදැවී 18)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan