නිමල් සිරිපාලගේ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධියි – දයාසිරිත් ශ්‍රීලනිප අර්බුදයට යළි මැදිහත් වෙයි

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගියදා 08 වෙනිදා කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි හා අනීතික රැස්විමක් බව එහි හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්යේ ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අනුව දේශපාලන මණ්ඩල රැස්විමක් කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයාට පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හත් දෙනකු සිටිනවා. එයින් එක් සභාපතිවරයෙක්වත් විශේෂිත නොවන අතර හත්දෙනාම එක හා සමාන ලෙස සලකනවා. එවන් පසුබිමක් යටතේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාට දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට කිසිඳු හැකියාවක් නැහැ. පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා, දේශපාලන මණ්ඩලය උත්තරීතරම මණ්ඩලය බවට. ඒ වගේම විශේෂයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ තිබෙන මධ්‍යම කාරක සභාව සතු බලතල පවා දේශපාලන මණ්ඩලයට පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනයි. ඒ 15 දෙනාගෙන් පක්ෂ සභාපතිවරයා, පක්ෂ ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් අතුරින් තෝරාගන්නා 13 දෙනෙක් දේශපාලන මණ්ඩලයට ඇතුළත් විය යුතුයි කියලයි මේකේ සඳහන් වෙන්නේ. ඒ අනුව බොහොම පැහැදිලියි, මධ්‍යම කාරක සභාවේ නැති කිසි කෙනකුට දේශපාලන මණ්ඩලයේ අසුන් ගන්නට බැහැ. ඒ වගේම පක්ෂයේ සභාපතිවරයා නැතිව කිසිම වේලාවක දේශපාලන මණ්ඩලය රැස් කරන්න බැහැ. ඒ වගේම දේශපාලන මණ්ඩලයේ 15 දෙනාගෙන් වැදගත්ම කාරණය තමයි පක්ෂ සභාපතිවරයා හා පක්ෂ ලේකම්වරයා සහ පක්ෂ සභාපතිවරයා නම් කරන 13 දෙනා. විශේෂයෙන්ම පක්ෂ සභාපති නිලබලයෙන්ම දේශපාලන මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වෙනවා” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...