ශ්‍රීලනිප අර්බුදය විසදා ගැනීම අවුරුදු නිවාඩුවෙන් පසුවට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳා ගැනීම සඳහා අවුරුදු නිවාඩුවෙන් පසුවට ක්‍රියාත්මක වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහය හිමි කණ්ඩායම පවසයි.

මේ වන විට දෙපාර්ශවයම වෙන වෙනම පක්ෂ මුලස්ථානයට ඉබි යතුරු දැමීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කර ‘පක්ෂ නායක’ නමින් නව තනතුරක් ස්ථාපනය කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තවදුරටත් පක්ෂයේ සභාපතිත්වය දැරීමට ඉඩ නොදෙන බවද අනෙක් කණ්ඩායම අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් පසුගිය 08 වැනිදා ඔවුන් විසින් කැඳවා තිබුණු දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බවට පක්ෂය තුළින්ම විවාදාත්මක කාරණයක් ලෙස මතුව තිබේ.

හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේද එම රැස්වීම නීති විරෝධී රැස්වීමක් බවයි.

මේඅතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ද කඩාකප්පල්කාරීන්ගෙන් පක්ෂය බෙර ගැනීමේ මෙහෙයුමේ සක්‍රීයව සිටින බවයි කියවුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...