රණවිරුවන්ගේ සුවදුක් විමසූ හමුදාපති!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා පාංගොල්ල පිහිටි අබිමංසල III රණවිරු සුවතා මධ්‍යස්ථානයට පැමිනි අතර , යුද හමුදාපතිවරයා එහිදී නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් නේවාසිකව ප්‍රතිකාර ගනුලබන රණවිරුවන්ගේ වාට්ටු වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. එහිදී ඔවුන් වෙත විශේෂ අලුත් අවුරුදු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරමින්ය.

ඊට සමගාමීව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිවයින පුරා පිහිටි සියලුම රණවිරු සුවතා කේන්ද්‍රයන්හි ප්‍රථිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක්විමසීමට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...