දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)

මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්‍රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ හැමදාම අංක එක. හැමදේකින්ම අංක එක. ඉදිරිපත් කිරීමෙන්, තර්ක කිරීමෙන්, කතා කිරීමෙන්, වාද විවාදවලට සම්බන්ධ වීමෙන්, හැමදේකින්ම ජනතාවගේ පැත්තෙ ඉඳගෙන. හොරුන්ගෙ පැත්තෙ ඉඳගෙන නෙවෙයි කවදාවත්. හොරුන්ගෙ රෙදි ගැලෙව්වෙ එයා. අද හොරු අපට එපා කියලා පාරට බහින හැම සහෝදරයෙක් සහෝදරියක්ම දන්නෙ නැති කාරණාවකුත් තියෙනවා. ඒ හොරු අපට එපා කියන මතය ඕගොල්ලොන්ගෙ ඔළුවට ගෙනාවේ වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක. අනුර දිසානායක නැත්නම් අද මේ රටේ හොරු පිණුම් ගහනවා. අද හොරු මේ රට මේ තරමින්වත් ඉතුරු කරන්නෙ නෑ. අනුර කුමාර දිසානායක නැත්නම් අද මේ රට විකිණිලා ඉවරයි. එහෙනම් මොකක්ද අනුර කුමාර දිසානායකගෙ තියෙන වැරැද්ද ? 225 ම ගොඩට දාන්න මොකක්ද තියෙන ප්‍රශ්නය ? ඒ හින්දා අපි කියනවා ඕගොල්ලො ඕනෙ ගාණක් දාගන්න, හැබැයි අපේ තුන්දෙනා ඔතෙන්ට දාන්න බෑ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...