ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 42 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (10) රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර, නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ අන්තර්වාර පාලනයක් පිහිටුවීම එම ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී තිබුණු නමුත් අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් කතාබහක් හෝ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී සිදු නොවුණු බවයි එම සාකච්ඡාවට සහභාගී වූ වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
RN