ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කරයි

Date:

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මීට අමතරව තාවකාලික බැංකු අයිරා, උකස් පහසුකම් සඳහා පනවා තිබූ උපරිම පොලී සීමාද ඉවත් කර තිබේ.

ඒ අනුව ණය කාඩ්පත්, තාවකාලික බැංකු අයිරා, උකස් පහසුකම් සඳහා පොලිය තීරණය කිරීම වාණිජ්‍ය බැංකුවල අභිමතය පරිදි සිදුවනු ඇත.

පසුගිය 08 වැනිදා රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 700 කින් ඉහළ දමා තිබෙනවා.

මේ හරහා මුදල් සහ ණය ප්‍රසාරණය අඩුවීම, සංසරණයේ පවතින අතිරික්ත මුදල් බැංකු පද්ධතිය වෙත නැවත ලබා ගැනීමට පෙළඹවීම, පොලී අනුපාතික විෂමතා ඉවත් කිරීම, විනිමය අනුපාතික මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ ආර්ථිකය ඉල්ලුම් පීඩන ඇති වීම අවම කරනු ඇති බවත් මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...