ට්‍රම්ප්පච්චිගේ තීරුබදු සෙල්ලමට ලංකාව ඇතුළත් කිරීම ගැන කසුකුසුවක්!

Date:

සටහන – පුලී
අප්‍රේල් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
CNN නාලිකාවේ විකාශනය වූ සාකච්ඡාවකදී එක්සත් ජනපදයේ නවතම තීරුබදු යෝජනා මගින් බලපෑමට ලක් වූ ජාතීන්ගේ ලැයිස්තුවට, ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ට්‍රම්ප් පරිපාලනයේ පුළුල් වෙළඳ උපාය මාර්ගය පිටුපස ඇති තාර්කිකත්වය පිළිබඳ වර්තමානයෙහි පැනයන් රාශියක් මතු වී ඇති බව නොරහසකි.

එහිදී නව බදු පැනවීමට මුහුණ දෙන රටවල් තීරණය කිරීමට භාවිතා කරන තර්කානුකූල පිළිවෙත පිළිබඳව සැක පළ කළ එරින් බර්නෙට් සහ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය බ්‍රෙන්ට් නීමන් යන දෙදෙනාම ඊට සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකාව සැබවින්ම එවැනි පියවරයන් සඳහා අවසර දී ඇත්දැයි බර්නෙට් ප්‍රශ්න කළේ, එක්සත් ජනපදය සමඟ රටේ වෙළඳාම සාපේක්ෂව මධ්‍යස්ථ පරිමාණයෙන් පවතින බවත් එහිදී සැලකිය යුතු අසමතුලිතතාවයක් නොපෙන්වන බවත් පෙන්වා දෙමිනි.

එමෙන්ම මහාචාර්ය නීමන්, ශ්‍රී ලංකාව, ජෝර්දානය සහ සැම්බියාව වැනි කුඩා ආර්ථිකයන් සහිත රටවල් ඇතුළත් කරමින් තීරුබදු ගණනය කිරීම් සිදු කළ ආකාරය පිළිබඳව කනස්සල්ලක් මතු කළේය. මෙම වෙළඳ යුද්ධය පිටුපස ඇති තීරුබදු සූත්‍රයන් ගෝලීය වෙළඳපලෙහි යථාර්ථයන් සැබවින්ම පිළිබිඹු කරන්නේ දැයි පැනයක් නගමින් මෙහි හරි වැරදි පෙන්වා දීමනම් අගනේය.

ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු යෝජනා ක්‍රමය දැනටමත් හනුමාගේ වලිගය ගිනි ගත්තාක් මෙන් සැලකිය යුතු වෙළඳපල කැළඹීමක් සහ මිත්‍ර පාක්ෂිකයින් සහ විශ්ලේෂකයින් යන දෙඅංශයෙන්ම පුළුල් විවේචන ලැබෙන තත්ත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතී.

මේ හිතේ හැටියට ගැහුව තීරුබද්ද කෙරෙහි ව්‍යාපාරික නායකයින් සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයෙන් පසුව, ධවල මන්දිරය විසින් චීනයට හැර යෝජිත තීරුබදු බොහොමයක් ක්‍රියාත්මක කිරීම සඳහා දින 90 ක ප්‍රමාදයක් නිවේදනය කිරීමට කටයුතු කරන ලදී.

මෙම නිවේදනය ගෝලීය මූල්‍ය වෙළඳපොළට යම් තාවකාලික සහනයක් ලබා දීමට සමත්කම් දැක්වීය.

කෙසේ වෙතත්, මෙම කථාංගය වත්මන් එක්සත් ජනපද වෙළඳපල තුළ කාර්යක්ෂමතාව සහ එහි පැවැත්ම පිළිබඳ විවාද නැවත ඇති කිරීමට ගත් පොයින්ට් එකක් වී තිබේ.

අපනයන කතාව බොහෝ දුරට ඇඟලුම් සහ තේ කර්මාන්තය තුළින් පැවත එන අතර ද්විපාර්ශ්වික වෙළඳ ආරවුල් වලදී ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් සඳහා එවැනි ප්‍රතිපත්තිමය තීරණ සැලකිය යුතු ස්ථානයක පසු වෙයි.

ශ්‍රී ලංකාව හදිසියේම එල්ල වූ ට්‍රම්ප්ගේ හදිසි බදු ගැහිලි හේතුකොටගෙන ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික අස්ථිරතාවයන්ට මුහුණ දෙමින් පසුවෙන බව මේ වනවිට ලෝකයාට පෙනෙන කරුණක් වී හමාරය.

මේ අතර, “ට්‍රම්ප්ට ගිය රට” තම රටේ ජනතාවට ලස්සන වීදුරු මාළිගා පෙන්වූවත්, ගෝලීය වෙළඳ සබඳතා වල තත්වයන්ට ඒවා ගලපා ගැනීම නම් තරමක් අභියෝගාත්මක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...