මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

Date:

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන සමුළුව චීනයේ Shenzhen නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා දකුණු කොරියාවේ APEC නායකයින්ගේ 32 වන නිල නොවන සමුළුවේ දී එහි සත්කාරකත්වය භාර දුන් අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළා.

එම සංවිධානයේ නායකයින්ගේ 33 වන නිල නොවන සමුළුව ලබන වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන බව ද හෙතෙම එහිදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චීනය එම සමුළුවේ සත්කාරකත්වය දරමින් විවිධ පාර්ශ්වයන් සමග එක්ව හවුල් අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැංවීමටත් කලාපීය සංවර්ධනය හා සමෘද්ධිය තහවුරු කිරීමට ද සූදානම් බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියා.

පැසිෆික් සාගරය ආශ්‍රිතව පිහිටි Shenzhen නගරය, කුඩා ධීවර ගම්මානයක සිට වර්තමානයේ අති නවීන ජාත්‍යන්තර නගරයක් බවට පත්ව ඇති බවත් චීනය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පොදු-ජයග්‍රාහී බව මනා ලෙස පිළිබිඹු කරන කවුළුවක් ලෙසට Shenzhen නගරය හැඳින්විය හැකි බවත් හෙතෙම එහිදී පැවසුවා.

ආසියා-පැසිෆික් කලාපයේ දැවැන්ත සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ට Shenzhen නගරයට පැමිණෙන ලෙසට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී ආරාධනා කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...