ඇමරිකා පැනවූ 125%ක තීරුබද්දට චීනයේ දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:චීනයට 125%ක තීරුබදු පැනවීමේ ඇමරිකාවේ ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළා. ඇමරිකාව හිතාමතාම තීරුබදු පියවර හරහා සෙසු රටවලට දැඩි පීඩන එල්ල කිරීමෙන් වාසි ලබා ගැනීමට උත්සාහ කරන අතර එය විවිධ රටවල අයිතිවාසිකම්, ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහ ලෝක ආර්ථික ස්ථාවරත්වයට දැඩිව හානි කරන බව ඔහු පෙන්වා දුන්නා.

ඇමරිකාවේ ක්‍රියාවලිය මුළු ලෝකයට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන වරදක් බව ද ඔහු පැවසුවා. චීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් අහිමි වීමේ දී හෝ, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතීන්ට හානි සිදු වීමේ දී චීන‍යට එය නොසලකා සිටිය නොහැකි බව ඔහු අවධාරණය කළා.

ඇමරිකාව තීරුබදු හා වෙළඳ යුද්ධයක් දියත් කිරීමෙහි නියැළී සිටින්නේ නම් චීනය අවසන් මොහොත දක්වා ඊට එරෙහිව සටන් කරනු ඇතැයි Lin Jian මහතා පැවසුවා. ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවට වඩා තම අවශ්‍යතාවට මුල් තැන දෙන ඇමරිකාව, සියලු රටවල අයිතිවාසිකම්වලට පටහැනිව තම අධිපතිවාදය පෝෂණය කරමින් සිටින බවයි චීනය පවසන්නේ. එයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි Lin Jian මහතා පෙන්වා දුන්නා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...