ඇමරිකා පැනවූ 125%ක තීරුබද්දට චීනයේ දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:චීනයට 125%ක තීරුබදු පැනවීමේ ඇමරිකාවේ ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළා. ඇමරිකාව හිතාමතාම තීරුබදු පියවර හරහා සෙසු රටවලට දැඩි පීඩන එල්ල කිරීමෙන් වාසි ලබා ගැනීමට උත්සාහ කරන අතර එය විවිධ රටවල අයිතිවාසිකම්, ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහ ලෝක ආර්ථික ස්ථාවරත්වයට දැඩිව හානි කරන බව ඔහු පෙන්වා දුන්නා.

ඇමරිකාවේ ක්‍රියාවලිය මුළු ලෝකයට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන වරදක් බව ද ඔහු පැවසුවා. චීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් අහිමි වීමේ දී හෝ, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතීන්ට හානි සිදු වීමේ දී චීන‍යට එය නොසලකා සිටිය නොහැකි බව ඔහු අවධාරණය කළා.

ඇමරිකාව තීරුබදු හා වෙළඳ යුද්ධයක් දියත් කිරීමෙහි නියැළී සිටින්නේ නම් චීනය අවසන් මොහොත දක්වා ඊට එරෙහිව සටන් කරනු ඇතැයි Lin Jian මහතා පැවසුවා. ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවට වඩා තම අවශ්‍යතාවට මුල් තැන දෙන ඇමරිකාව, සියලු රටවල අයිතිවාසිකම්වලට පටහැනිව තම අධිපතිවාදය පෝෂණය කරමින් සිටින බවයි චීනය පවසන්නේ. එයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි Lin Jian මහතා පෙන්වා දුන්නා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...