ඉදිරි විභාග සඳහා දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :

විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් 2025 සහ 2026 වසර සඳහා වන විභාග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙර පැවති විවිධ බාධාවන් හේතුවෙන් සිසුන් මුහුණ දුන් අපහසුතා මඟහරවා ගනිමින්, නියමිත දිනටම විභාග පැවැත්වීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව 2026 වසරේ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මීට අමතරව, 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස අවසානයේදී පවත්වා අවසන් කිරීමට නියමිතය.

දැනටමත් ඇගයීම් කටයුතු අදියර කිහිපයක් යටතේ ක්‍රමවත්ව සිදුවන බවත්, සිසුන්ට එම දිනකවකවානු අනුව සිය අධ්‍යයන කටයුතු සූදානම් කරගත හැකි බවත් බලධාරීන් අවධාරණය කරයි.

මෙම නිවේදනය මඟින් රජය අපේක්ෂා කරන්නේ විභාග පද්ධතියේ කාලීන ස්ථාවරත්වය නැවත ඇති කිරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...

නාමල්ට අල්ලස් දුන් බව කියන ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට රුපියල් මිලියන 70ක...