කබඩි ජාතික සූරතාවයේ වැඩි ගෞරවය ගුවන් හමුදාවට

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 11 කොළඹ LNW :

ශ්‍රී ලංකා කබඩි සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික කබඩි ශූරතාවලිය පසුගියදා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති අතර එහිදී සමස්ත කාන්තා සූරතාවය ගුවන් හමුදා කණ්ඩායමටත් සමස්ත පිරිමි සූරතාවය යුද හමුදා කණ්ඩායමටත් හිමි විය.තරගාවලියේ කාන්තා සූරතාවය මෙන්ම පිරිමි අනු සූරතාවයත් දිනා ගනිමින් වැඩි අවධානයක් දිනා ගන්නට සහ ගෞරවයක් අත් කර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.


අවසන් මහා තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 28ට 34 ලෙස නාවික හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමින් සූරතාව අත් කර ගත්හ.පිරිමි අවසාන මහා තරගයේදී යුද හමුදා ක්‍රීඩකයින් විසින් ගුවන් හමුදාව පරාජයට පත් කළේ ලකුණු 35 – 20 ක් ලෙසය.
මෙම තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ සිතුම් මනෝජිනී ක්‍රිඩිකාව සමත් විය.දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ රුමේෂ් ගයාන් දිසානායකය.


කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ජාතික කබඩි සම්මේලනයේ සභාපති ඉන්ද්‍රතිස්ස දේදුනුපිටියගේ ප්‍රධානත්වයෙන් සිඳුවිණි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...