ප්‍රතිත්‍රස්ත පනත වෙනුවට දූෂණ විරෝධී පනත ගෙනෙමු – සජිත්ගෙන් යෝජනාවක් (VIDEO)

Date:

ආණ්ඩුව කඩිනමින් ගෙන ආ යුත්තේ ප්‍රතිත්‍රස්ත පනත නොව දූෂණ විරෝධී පනතක් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිව ඇති දූෂිතයින් ඇතුළු පසුගිය වකවානුවේ විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඒ හරහා පරීක්ෂණ පැවැත්විය හැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ඔවුන්ට නිසි දඬුවම් පැමිණවිය හැකි බවද සඳහන් කළේය.

එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව විසින් සිදු කොට ඇත්තේ මෙම දූෂිතයින් ආරක්ෂා කරන පනතක් ගෙන ඒමට කටයුතු කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව ඒ හරහා ගජමිතුරු දූෂිතයින් ආරක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...