ප්‍රතිත්‍රස්ත පනත වෙනුවට දූෂණ විරෝධී පනත ගෙනෙමු – සජිත්ගෙන් යෝජනාවක් (VIDEO)

ආණ්ඩුව කඩිනමින් ගෙන ආ යුත්තේ ප්‍රතිත්‍රස්ත පනත නොව දූෂණ විරෝධී පනතක් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිව ඇති දූෂිතයින් ඇතුළු පසුගිය වකවානුවේ විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඒ හරහා පරීක්ෂණ පැවැත්විය හැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ඔවුන්ට නිසි දඬුවම් පැමිණවිය හැකි බවද සඳහන් කළේය.

එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව විසින් සිදු කොට ඇත්තේ මෙම දූෂිතයින් ආරක්ෂා කරන පනතක් ගෙන ඒමට කටයුතු කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව ඒ හරහා ගජමිතුරු දූෂිතයින් ආරක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...