රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහත කිරීම යම් නිශ්චිත හොඳ පියවරක් – රංජිත් සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක් බවත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත වැඩ්දුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

” ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න එක අපට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. තෙල් සුලබ කිරීම. අපිට තිබෙන විනිමය හිඟය නිසා තාමත් පාලනයක් කරනවා. ඒ පාලනය නිසා තමයි තාමත් අපිට යම්කිසි පාලනයක් ඇතිව තෙල් ටික නිකුත් කිරීමට සිදුවෙලා තියෙන්නේ. මේ තුළින් අංක 1කට අපි කරන්න සූදානම් වෙලා තියෙන්නේ, තෙල්වල හිඟය නැති කරලා සුලබ කිරීම. දැන් මේකේ සඳහන් වෙනවා නේ සමාගම්වලට තෙල් අඩු මිලට විකිණීමට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒක තමා වැදගත්ම දේ. මේ කාලේ පවතින ඒකාධිකාරය බිඳිලා නිර්මාණය වන තරගය තුළින් ඒ ලාභය ජනතාවට ලබා දීම. තුන්වෙනි එක රජයට ලබන මෙතෙක් අලාභ වෙනුවෙට ඉතා පහසුවෙන් මේ සමාගම් තුළින් නිශ්චිත බදු මුදලක් ආදායමක් ලබා ගැනීම. මේ රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහත කිරීම යම් නිශ්චිත හොඳ පියවරක් ලෙස අපිට පෙන්වන්න පුළුවන්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...