*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

උත්සව කාලය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පවසයි.

අප්‍රේල් මාසයේ රාත්‍රී 7.30 ට කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියක් සවස 5.20 ට බදුල්ල සිට‌ කොළඹ දක්වා දුම්රියක් විශේෂ දුම්රියන් ලෙස ධාවනයට එක් කර ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය

තව ද අප්‍රේල් 05 වැනි දා සිට දිනපතා උදෑසන 6.30 කොටුව සිට බදුල්ල දක්වා ධාවනය‌ට එක්කළ දුම්රිය හා බදුල්ල සිට කොටුව බලා උදෑසන 7.00 ට ධාවනය‌ට එක්කළ දුම්රිය අප්‍රේල් 17 දක්වාම දිනපතා ධාවනයට‌ එක්කර ඇත.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසූවේ , ඊට අමතරව අප්‍රේල් 15 හා 16 දින දෙකේම කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා තිබෙන බවත් , 16, 17 දින දෙකේ ගාල්ල සිට කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා ඇති බවයි.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස මහතා පැවසුවේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට මෙම බස් සේවා ක්‍රියාත්මක බවත්
ලබන 18 වැනි දා දක්වා මේ බස් රථ සේවාව ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසූවේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ ද ධාවනයට එක් කරන බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan