නව පත්වීම් තුනක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNB): නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති අතර , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතාගේ පත්වීම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. නයීමුඩීන් මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .

මහ ලේකම්වරයා දන්වා සිටියේ මීට අමතරව, පිලිපීනයේ ශ්‍රී ලංකා තනාපති ලෙස ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පත්කර යැවීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදුන් බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරළ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ලෙස ඊට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...