පොදුවේ සමහර දේවල් තියෙනවා මට එකඟවෙන්න බැරි – අලි සබ්රි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරිපත් වී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

එම පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුවේ සියලුදෙනා පොදු මතයක සිටින බව ඒ මහතා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

“පොදුවේ සමහර දේවල් තියෙනවා මට එකඟවෙන්න බැරි. මම කැබිනට් එකේදී ඒක කිව්වා. පළවෙනි එක තමයි මම එකඟවෙන්නේ නෑ DIG කෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කරන්න දෙන එකට. ඒක දෙන්නට බෑ. එක්කෝ අමාත්‍යවරයා යටතේ තියෙන්න ඕනේ එහෙම නැත්නම් අවම වශයෙන් ආරක්ෂක ලේකම් ළඟ නවතින්න ඕනේ. පුළුල් definition එකක් දීමා ඉතාම භයානකයි. මේක misuse කරන්න පුළුවන්. පොදුවේ හැමෝටම කතා කරන්න පුළුවන්, පිළිගත හැකි සාමාන්‍ය නීතිය ලෙස යොදාගැනීමට නෙමෙයි ව්‍යාතිරේඛයක් ලෙස යොදාගැනීමට හැකි, ත්‍රස්තවාදි අවස්ථාවක පමණක් මේක යොදාගත හැකි නීතියක් ලෙස මේක ක්‍රියාත්මක විය යුතුයි කියන තැන අපි හැමෝම ඉන්නවා.”

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා කියනවා මෙවර වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඡන්දයක් ලබාගෙන සම්මත කරගන්නවා කියලා. මොන ප්‍රතිපාදන යටතේ ද IMF වැඩසටහනකට ඡන්දයක් ඉල්ලන්නේ ?

“පාර්ලිමේන්තුව තුළ ඉන්නේ, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජනතාව නියෝජනය කරන මිනිස්සු. ඒ නිසා ඒ මතය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ දී ජනතා නියෝජතියින් ට හැකියාව ලැබෙනවා ඔවුන්ගේ තර්කානුකූලව ඉදිරිපත් කරලා මේකට කැමති ද? අකමැති ද? අකමැති නම් විකල්පය මොකද්ද ?”

මාධ්‍යවේදියා – විදෙස් මාධ්‍ය වැඩි බරක් දීලා වාර්තා කරලා තියෙනවා චීනයට අපි ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් ඉතාම වැදගත් අවස්ථාවක් දෙන්නට සුදානම් වෙනවා. රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවන්න. චීනයට අපි එවැනි අවසරයක් දීලා තියෙනවා ද?

“විදේස අමාත්‍යාංශයෙන් එහෙම ඉල්ලීමක් කරලා නෑ. ඒ නිසා අපි එහෙම එකක් ලබාදීලා නෑ.”

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා ගැන ඉතාම ප්‍රසාදයෙන් කතා කරන නිසා සමහර විට එතුමා එක්ක එකතු වෙලා දේශපාලනය කරයි ද?

“මම සාමාන්‍යයෙන් කඳවුර අතහැරලා යන කෙනෙක් නෙමෙයි. නමුත් නායකත්වය හැටියට මට පේන්නේ නෑ වෙන කවුරුත්. මම එතුමා එක්ක වැඩකරලා නෑ. දිගින් දිගටම වැඩකරලා තියෙන්නේ එතුමාට විරුද්ධව. ප්‍රථම වතාවට තමා එතුමා එක්ක වැඩකරන්නේ. වැඩකරද්දි මට පේනවා අපි තුළ එතුමා ගැන තිබුණේ වැරදි අවබෝධයක්…”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට...

මැදවච්චියේ සභාපති මාලිමාවෙන්, උප සභාපති පොහොට්ටුවෙන් !!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන...