සිංහල – හින්දු අලුත් අවුරුදු සමය ලංගමට සුබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW):  ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර, සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා එම ආදායම ඉහළ ගොස් ඇති බව පැවසේ.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කර ඇති බවත්,ඒ අනුව මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේය.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූවේ, මේ අතර ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගවල ආදායම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

අද සිට ලබන 15 වන දින දක්වා අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු මට්ටකින් ඉහළ හා හැකි බවට පුරෝකථනයක් සිදුකළ හැකි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...