මතින් තොර රටක් වෙන්නේ කවදාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW): වාර්ෂිකව හතළිස් දහසක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි. තවද, මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවද හෙළිවී ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාඛ්‍ය නානායක්කාර පැවසූවේ, මේ අතුරින් බහුතරයක් ගංජා භාවිතයට යොමුවී ඇති අතර ගංජා භාවිතයට යොමුවූ පිරිස තුන්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් හෙරොයින් භාවිතය සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් ඇබ්බැහිවී ඇති බවයි.

එමෙන්ම පාසල් ළමුන් බහුතරයක් අතර දුම්කොළ භාවිතයට නැඹුරුවක් පවතින බව හඳුනාගෙන ඇති නමුත් තවමත් අයිස් වැනි මත්ද්‍රව්‍ය පාසල් ආශ්‍රිතව වසංගතයක් ලෙස පැතිරයාමේ අවධානමක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

තවද, සමස්ථ ජනනගහනය අතරින් දුම් නොනඟින දුම්කොළ භාවිතයට ලක්ෂ 15ක් පමණ යොමුවී ඇති අතර විවිධ මත්පෙති භාවිතය සඳහා විසි පන්දහසත් තිස්දහසත් අතර පිරිසක් ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා පනස් දහසකට ආසන්න පිරිසක්ද යොමුව ඇති බව හඳුනගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : අඛණ්ඩ වර්ධනයක් ...

රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් ද? වාර්තාව එළියට ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මුදල්, ක්‍රමසම්පාදන සහ...

දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : නාවික හමුදා භාරයට...