බන්ධනාගාර නිලධාරීන් අසතුටින්, වසර 13කින් පඩි වැඩිවී නැති බවද කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW):වසර දහතුනක් පුරාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට කිසිදු ආකාරයකින් වැටුප් වැඩි නොවීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව සිටින බව නිලධාරිහු කියා සිටී.

නිලධාරිහු පවසන්නේ, මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හයදහසකට අධික පිරිසක් සේවයේ යෙදී සිටින අතර වසර දහතුනක සිට කිසිදු වැටුප් වැඩිවීමක් නොවූ බවයි .

බන්ධනාගාර නියාමකවරයකුගේ මූලික වැටුප රුපියල් 24500ක් පමණ වන අතර සියලු දීමනා සමග එය රුපියල් හතළිස් පන්දහසක් පමණ වන බවත් රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමග මෙය ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති.

දුර බැහැර සිට සේවයට පැමිණෙන ඇතැම් නිලධාරින්ට වැටුප් ගැටලුව බොහෝ සෙයින් බලපා ඇත.

පැය අටක සේවා කාලයක් පැවතියද දිවයින පුරා බන්ධනාගාරවල නිලධාරී හිඟය හේතුවෙන් දැනට රාජකාරියේ යෙදෙන නිලධාරින්ට දැරිය නොහැකි තරමට රාජකාරි පැවරී ඇතැයිද නිලධාරිහු චෝදනා කරති. නිලධාරින්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොමැති අතර සෑම වසරකට වරක් නිලධාරින් වෙනුවෙන් සපත්තු දිය යුතු වුවත් 2022 වසරට අදාළ සපත්තු තවමත් ලැබී නොමැති බවද පැවසේ,

බන්ධනාගාර නියාමකවරුන් ලෙස උපාධිධාරින් සිටියද සුදුසුකම් අනුව එම තනතුරෙන් ඉහළට යාමට ක්‍රමවේදයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...