තරුණ ඇමරිකානුවන් අතර සියදිවි නසාගැනීම් ඉහල යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කරන ලද සිය දිවි නසාගැනීම් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

එය මෙතෙක් වාර්තා වූ විශාලතම අගය වන අතර මිට පෙර 2022, සියදිවි නසාගැනීම් 49,449 ක් වාර්තා වී තිබිණ.

ඇමරිකාවේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය වන රෝග පාලන මධ්‍යස්ථාන වලට අනුව වයස අවුරුදු 35 ට අඩු ඇමරිකානුවන් අතර සියදිවි නසා ගැනීම වේගයෙන් ඉහල ගොස් ඇති බව වාර්තා කෙරේ, ඊට Covid වසංගතය, සමාජ මාධ්‍ය සාධකයක් විය හැකි බවයි මානසික රෝග පිළිබඳ ජාතික සන්ධානයේ මනෝචිකිත්සක සහ සහකාර වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටීන් ක්‍රෝෆර්ඩ් පවසන්නේ,

එක්සත් ජනපදය පුරා මධ්‍යස්ථාන 200කට වැඩි සංඛ්‍යාවක් ඇති ජාතික සියදිවි නසාගැනීමේ උපකාරක සේවාවක් වන 988 වෙත ඇමතුම් පසුගිය වසරේ පමණක් මසකට 100,000කින් වැඩි ඇති අතර එම ඇමතුම් පැමිණෙන්නේ වයස අවුරුදු 15 සිට 35 හෝ 40 දක්වා යන තරුණ පිරිමින්ගෙන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් වන බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...