රුධිර පරිත්‍යාගය ගැන මේ තොරතුරු ඔබ දන්නවාද ?

Date:

ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාග ප්‍රමාණය අවම වන්නේ සෑම වසරකම අප්‍රේල් මාසයේදීය. මේ රුධිරය පරිත්‍යාග කිරීම ගැන සටහනකි.

තැලසීමියාව, රක්තහීනතා තත්ත්වයන්, පිළිකා වැනි රෝගාබාධ මෙන්ම හදිසි අනතුරු, ශල්‍ය කර්ම සහ දරු ප්‍රසූතියේදී සිදුවන රුධිර වහනයන්ගේදී ද රෝගීන්ට රුධිරය ලබා දීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවය මෙවැනි අවශ්‍යතා සඳහා රෝගීන්ට ලබා දීමට රුධිරය ලබා ගන්නේ ස්වේච්ඡා රුධිර දායකයන්ගෙන් පමණි. මෙමඟින් රුධිර සංඝටකවල සුරක්ෂිත බව තහවුරු කරන අතර රුධිර පාරවිලයන සේවය ඉතා උසස් තත්ත්වයක ඇති බව පෙන්වන සාධකයක් ද වේ.

දිවයින පුරා පිහිටි සියයක පමණ ලේ බැංකු අතරින් රුධිර දායකයින්ට ආසන්න ඕනෑම ලේ බැංකුවකදී සුරක්ෂිතව රුධිරය පරිත්‍යාග කළ හැකිය. එසේම නොයෙකුත් සංවිධාන මඟින් ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව ජංගම ලේ දන් දීමේ කඳවුරුද සංවිධානය කරනු ලබයි.

රුධිරය පරිත්‍යාග කිරීම සඳහා වැය වන්නේ මිනිත්තු විස්සක පමණ කාලයකි. වයස අවුරුදු 18 ත් 55 ත් අතර නිරෝගී පුද්ගලයින්ට රුධිරය පරිත්‍යාග කළ හැකිය. මාස හතරකට වරක් රුධිරය පරිත්‍යාග කළ හැකි අතර රුධිර පරිත්‍යාග කිරීමෙන් කිසිදු රෝගාබාධ වැළඳීමක් ද බර අඩු වීම හෝ වැඩි වීමක්ද සිදු නොවේ. පරිත්‍යාගයෙන් පසු කෙටි කලකදී එම සංඝටක ශරීරයේ නිපදවේ.

රුධිරය පරිත්‍යාග කිරීම සහ ජංගම ලේ දන් දීමේ කඳවුරු සංවිධානය පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා දුරකථන අංක 011 2369931- 4 ඔස්සේ ජාතික රුධිර මධ්‍යස්ථානය සම්බන්ධ ගත කර හැකිය.

~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...