නාමල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා හයියෙන් කෑගැහුවොත් පහුවදා මිනිහාගෙ නඩුව – ඇමති ටී. බී.

සටහන – රුවන් නෙළුගොල්ල

නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර අත්සන් තැබූ ගිවිසුම්වල ගුණ කියන අතර ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායක මහතා රට පාවාදී ඇතැයි චෝදනා කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“අර බේබි, මිනිහා ගියානෙ මේ ඊයෙ පෙරේදා ඉන්දියාවෙ. ඒ වෙලාවෙ මිනිහා එහේ බාසාවෙන් එහෙට කියනවා ජනාධිපතිතුමායි මෝදියි අත්සන් කරපු ගිවිසුම් අතිප්‍රබල ගිවිසුම් කියලා. ලංකාවට ඇවිල්ලා කියනවා ශ්‍රී ලංකාව පාවාදෙන ගිවිසුම් ගණනාවකට ඉන්දියාවේ මෝදිත් එක්ක අත්සන් කළා ලු. තාත්තා වගේමයි පුතාත්. ආයෙ ඇරපු අතක් නෑ, පළුවම තමයි. පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුළෙ හයියෙන් කෑගැහුවොත් පහුවදා මිනිහාගෙ නඩුව”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...