AHF cup යන්න පෙර නියෝජ්‍ය ඇමතිගේ ආශිර්වාදය ලබා ගැනීම

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

ඉන්දුනීසියාවේ ජාකර්තා හී පැවත්වෙන ආසියානු කුසලාන හොකී තරඟාවලියට සුදුසුකම් ලැබීමේ පූර්ව තරඟාවලිය (AHF cup) සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හමු වූ අතර ඔහු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දෙකටම සිය සුභාශිංෂන එක් කර සිටියා. මෙහිදී තරගාවලියට සහභාගි වන හොකී කණ්ඩායම් හි නිල ක්‍රීඩා ඇඳුම එළි දැක්වීමද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ සිඳු වුණා.

මෙහිදී පිරිමි කණ්ඩායමේ තරග කාල සටහන අප්‍රේල් 17 සිට අප්‍රේල් 27 දා දක්වාත්,කාන්තා කණ්ඩායමේ තරග කාල සටහන අප්‍රේල් 18 සිට අප්‍රේල් 27 වන දා දක්වාත් සකස් වී තිබෙනවා.පිරිමි තරගාවලියට ඕමානය, බංග්ලාදේශය, චීන තායිපේ, ශ්‍රී ලංකාව, හොංකොං චීනය, ඉන්දුනීසියාව, උස්බෙකිස්තානය, තායිලන්තය, සිංගප්පූරුව, කසකස්තානය කණ්ඩායම් සහභාගි වෙනවා.කාන්තා තරගාවලියේදී සිංගප්පූරුව, හොංකොං චීනය, චීන තායිපේ, කසකස්තානය, උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, නේපාලය ඉන්දුනීසියාව යන කණ්ඩායම් තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබෙනවා.


ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මූලික තරග වටයේදී බී කාණ්ඩය යටතේ තරග වඳින අතර එම කාණ්ඩයට තායිලන්තය,කසකස්තානය,බංගලාදේශය සහ සත්කාරක ඉන්දුනීසියාව ද ඇතුළත් වෙනවා.කාන්තා කණ්ඩායමද සිය මූලික තරගවලදී බී කාණ්ඩයෙන් තරග වදිනවා.එම කාණ්ඩයට හොංකොං චීන,කසකස්තාන් සහ ඉන්දුනීසියා කාන්තා හොකී කණ්ඩායම් ඇතුළත වෙනවා.
තරග කාල සටහනට පහතින් පිවීසීමේ හැකියාව තිබෙනවා.
https://bit.ly/3YtjVeC

මෙහිදී හොකී කණ්ඩායමෙහි නිල ක්‍රීඩා ඇඳුම එළි දැක්වීමද සිදු කරන ලදී.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...