සත්‍ය සමාජගත විය යුතුයි – ඒකත් අපේ.මේකත් අපේ

Date:

කොළඹ LNW: අයථා ලෙස උපාය ගෙන තිබෙන වත්කම් අත්පත් කර ගැනීම සඳහා ඉදිරිපත් අකර තිබෙන පනතත් ආණ්ඩුව විසින් ගෙන යන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් යන දෙකම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ හදුන්වා දුන් ඒවා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අයඒ වත්කම් අත්පත් කර ගැනීම සඳහා වූ පනතට අදාළ යෝජනාව අනුව 2024 ජූලි 16 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ති කර අනුමතව තිබුණු බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

එය ඉදිරිපත් වූයේ ආර්ථිකය කඩා වැටීම හමුවේ යළි ස්ථාවරයකට යාම සඳහා එකඟ වූ කරුණු අනුව බවද ඔහු කියාසිටියි.

දුෂණ විරෝධය පිළිබද ජාතික න්‍යාය පත්‍රයට අනුව උක්ත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ බවයි වජිර අබේවර්ධන මහතා පවසන්නේ.

දුෂණ විරෝධී පනත ගෙන එන්නේද දුෂණ විරෝධය පිළිබද ජාතික න්‍යාය පත්‍රයට අනුව බවත් එහෙත් තවමත් එය නිසි ලෙස බලගැන්වී නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අයථා වත්කම් යළි පවරා ගැනීමට අනුව නීතිය පසුගිය බලාත්මක වීමට නියමිත වුවද මැතිවරණය පැවතීමත් ඒ අනුව නව පාලනයට රට භාර වීමත් යන කරුණු මත එය බලාත්මක වීම ප්‍රමාද වූ බව පවසන මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නේ එය ක්‍රියාත්මක වීම පමා වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ණය ප්‍රමාණය මෙතෙක් නිදහස් කර නොමැති බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...