රෂිකා හෙන්නායක අප්‍රේල් 12 කොළඹ LNW :
ගොඩක් දෙනෙක් අවුරුදු කැවිලි පෙවිලි අතර වැඩිපුර කැමැත්තක් දක්වන කෑමක් තමයි මේ කොකිස්. සාමාන්‍යයෙන් කොකිස් සකසන විදිහ ඒ තරම් අමාරු නොවුණත් මෙදා සැරේ අවුරුද්දට කොකිස් හදනකොට මෙන්න මේ වගේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කලොත් වෙනදා රසට වඩා වෙනස් රසකින් කොකිස් සකසගන්න පුළුවන් වෙයි කියලා හිතුණා.
බලමු කොහොමද කොකිස් හදාගන්නේ කියලා..
අවශ්‍ය ද්‍රව්‍ය : සුදු කැකුළු හාල් ග්‍රෑම් 300, මිටි කිරි කෝප්ප 2, සීනි මේස හැදි 2, බිත්තර 1, ලුණු ස්වල්පයක්
සාදන ආකාරය : හාල් පැයක් පමණ පෙගෙන්නට තබා කොටා ගන්න , කොටා ගත් පි ටි හොඳින් හලා ගන්න, හලා ගත් පිටි ,සීනි ,ලුණු හා බිත්තර භාජනයකට දමා එයට පොල් කිරි ටික ටික එක් කරමින් අනා ඝණ මිශ්‍රණයක් සාදා ගන්න, ගැඹුරු තෙලේ බැදීම සදහා තෙල් රත් කර කර ගන්නා අතර තුර කොකිස් අච්චුවද තෙලේ බහා රත් කර ගන්න . දැන් රත් කර ගත් අච්චුව පිටි මිශ්‍රණයේ දවටා නැවතත් තෙල් තාච්චියේ ගිල්වා අච්චුවෙන් කොකිසගැලවී වන තෙක් බැද ගන්න
කරපිංචා කොකිස්..

අවශ්‍ය ද්‍රව්‍ය -: අවශ්‍ය පමණට කරපිංචා සහ සුදු ලූනු, හාල් පිටි/ පාන් පිටි, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට, උකු පොල් කිරි කෝප්පයක්, බිත්තර 1ක්
සාදාගන්නා ආකාරය -:
පළමුව පිටිවලට ලුණු සහ කහ අවශ්‍ය ප්‍රමාණයට එකතු කර හොදින් කවලම් කරගෙන, ඉන පසු සිහින්ව කපාගත් කරපිංචා ඒ මිශ්‍රණයට එකතු කරන්න.. එයට බිත්තරය එකතු කරගන්න. ඉන් පසුව එයට උකු පොල් කිරි අවශ්‍ය පරිදි එකතු කර ගනිමින් මිශ්‍රණය හොදින් කවලම් කරගන්න. පසුව තෙල් තාච්චියේ රත් වෙන්න තැබූ කොකිස් අච්චුවෙන් ගැඹුරු තෙලේ බැද ගන්න.
සේවරි කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි 250g, පොල් ගෙඩියක උකු කිරි කෝප්ප 1 1/2 , බිත්තර 1 , රස අනුව ලුණු, චොප් කර ගත් සුදුළූණු 3, හීනියට කපාගත් කරපිංචා ඉති 2, සැර අනුව මිරිස්කුඩු, බැදීමට තෙල්
සාදන ක්‍රමය:
හාල් පිටි හොදින් හලා එයට, ලුණු , ගසා ගත් බිත්තරය කරපිංචා , සුදුලූනු , මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු උකු පොල් කිරි ටික ටික දමමින් ඝන බැටරයක් සාදා ගන්න. පැය 1/2 වසා තබන්න. කොකිස් අච්චුව වැහෙන ප්‍රමානයට තෙල් දමා උනු කර ,කොකිස් අච්චුව තත්පර2 -3 ක් තෙල් එකේ බහා බැටරයේ , අච්චුවෙන් 3/4 ගිල්වා අරගෙන තාච්චියට දමන්න.තත්පර 5 ක් පමන අඩියේ නොගෑවෙන සේ බැටරය අච්චුවේම තබා පසුව සීරුවකට කූරකින් ගලවා දෙපැත්ත බැද ගන්න .
චොක්ලට් කොකිස්

හාල් කෝප්ප 2 (එක රැයක්ම හොදට පෙගෙන්න තියන්න.)., ලුණු රස අනුව, කොකෝව කුඩු මේස හැදි 3ක් මදි නම් තව ටිකක් එකතු කරන්න, වතුර කෝප්ප 1 හො කිරි කෝප්ප එකක්, සීනි කෝප්ප 1, බිත්තර 1
හාල් ටික බ්‍රෙන්ඩර් එකට දාල ඒකට කිරි කෝප්ප භාගයක් දාල ක්‍රීම් එකක් වගේ බ්‍රෙන්ඩ් කරන්න. කිරි මදි වගෙනං ටිකක් එකතු කරන්න. පෑන් කේක් බැටර් එක ගානට ගන්න. හුගාක් වතුර එකතු වුනොත් කොකිස් කැඩෙනවා. දැං ඒ ටික කෝප්පයකට දාල බිත්තරයයි සීනි ලුනු කොකෝ පවුඩර් දාල හොදට කවලං කරන්න. පාට මදි වගෙනං තව කොකෝ පවුඩර් ටිකක් දාන්න. පැනි රස මදිනං තව සීනිත් එකතු කරන්න. අච්චුව ගැලවෙන එකක් නෑ කියල හිතෙනවනං බිත්තරයක් දාන්න. දැං තෙල් එක රත්වෙන්න තියල ඒකටම කොකිස් අච්චුවත් දාල රත් වෙන්න තියල කොකිස් අච්චුව හොදට රත් වුනාම කොකිස් අච්චුව පිටි එකට දාල තෙලේ බැදල ගන්න මේක හරිම රසයි පොඩි අය හරිම කැමති වෙයි. අමුතුම රසක් තියෙන්නෙ .
ඉතිං ඔයාලත් හදලා බලන්න, ඇත්තටම වෙනසක් දැනේවි, අවුරුදු මේසය වෙනස් ලස්සනක් ගෙනේවි…
