බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට – එජාප රුවන් කියයි

Date:

කොළඹ LNW:බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එවකට බටලන්දට හමුදා කඳවුරක් රැගෙන එනු ලැබුවේ ප්‍රදේශය මුහුණ දී තිබූ තර්ජන හේතුවෙන් බවත් වෙනත් කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී නොමැති බැවින් ඔහු ඒ සම්බන්ධයෙන් බිය නොවන බවයි රුවන් විජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති චෝදනාව වන්නේ බටලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම පමණක් බවද ඔහු කියාසිටියි.

“සපුගස්කන්ද පොලීසියේ OIC මහත්මයාව ඝාතනය කළා, NIB එකේ මහත්තයෙක්ව මරලා තිබ්බා.තවත් ඒ වගේ ඝාතන රැසක් වාර්තා වුණ වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දෙන්න සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වෙයි යන ප්‍රශ්නෙ උඩ තමයි එතුමා හමුදා කඳවුරක් බටලන්දට ගෙනාවේ” යනුවෙන් එජාප නියෝජ්‍ය නායකයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...