බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට – එජාප රුවන් කියයි

Date:

කොළඹ LNW:බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එවකට බටලන්දට හමුදා කඳවුරක් රැගෙන එනු ලැබුවේ ප්‍රදේශය මුහුණ දී තිබූ තර්ජන හේතුවෙන් බවත් වෙනත් කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී නොමැති බැවින් ඔහු ඒ සම්බන්ධයෙන් බිය නොවන බවයි රුවන් විජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති චෝදනාව වන්නේ බටලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම පමණක් බවද ඔහු කියාසිටියි.

“සපුගස්කන්ද පොලීසියේ OIC මහත්මයාව ඝාතනය කළා, NIB එකේ මහත්තයෙක්ව මරලා තිබ්බා.තවත් ඒ වගේ ඝාතන රැසක් වාර්තා වුණ වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දෙන්න සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වෙයි යන ප්‍රශ්නෙ උඩ තමයි එතුමා හමුදා කඳවුරක් බටලන්දට ගෙනාවේ” යනුවෙන් එජාප නියෝජ්‍ය නායකයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...