Prada ට අයිති වූ Versace; බ්‍රෑන්ඩ් පෙරළිය!

සටහන – පුලී
අප්‍රේල් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නම ගිය බ්‍රෑන්ඩඩ් විලාසිතා ලේබල් දෙකක් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනයක ගනුදෙනුවකින් තම ප්‍රතිවාදියා වන Versace මිලදී ගැනීමට Prada එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි ඉහළ පෙළේ වෙළඳ නාම දෙකක් ඒකාබද්ධ කිරීමේ මෙම ගනුදෙනුවේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 1.36 (£ බිලියන 1.06) බව Prada සමූහය ඉකුත් බ්‍රහස්පතින්දා පැවසීය.

ප්‍රාඩා සමූහය දැනටමත් මියු මියු සහ සුඛෝපභෝගී පාවහන් සන්නාමයක් වන චර්ච් ඇතුළු තවත් බ්‍රෑන්ඩ් කිහිපයකට උරුමකම් කියනු ඇත.

Versace හිමි කර ගැනීමත් සමඟ Prada ඩොලර් බිලියන ගණනක සුඛෝපභෝගී විලාසිතා සමූහයක් නිර්මාණය කිරීමට ඇති හැකියාවත් එම වෙළඳ නාම ප්‍රංශ සුඛෝපභෝගී විලාසිතා සමාගම් වන LVMH සහ Kering සමඟ තරඟ කිරීමට හැකි තත්වයකට පත් කිරීමත් ඔවුන්ගේ අභිප්‍රාය වනු ඇත.

Prada සහ Capri අතර Versace මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා පෙබරවාරි මාසයේදී ආරම්භ වූ අතර Versace සඳහා Prada ගෙවීමට එකඟ වූ මිල, 2018 දී Versace මිලදී ගැනීමේදී Capri හෝල්ඩින්ග්ස් වියදම් කළ ඩොලර් බිලියන 2.15 ට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි.

ලොව පුරා සුඛෝපභෝගී විලාසිතා සඳහා ඇති ඉල්ලුම මන්දගාමී වීම මධ්‍යයේ Versace පාඩු ලබමින් සිටි බැවින්, සන්නාමයේ ණය කන්දරාව ඇතුළත් මෙම ගනුදෙනුව සිදු වීම කඩිනම් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...