නිශ්මං රණසිංහ ,අප්‍රේල් 12, කොළඹ LNW:
නවසීලන්ත ඒ කණ්ඩායම සමග ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පවත්වන එක්දින තරගාවලියේ තෙවැන්නත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තරගාවලිය 3-0 ක් ලෙස ජය ගනිමින්ය.හම්බන්තොට දී පැවති තෙවැනි තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 3 න් ය.මෙහිදී ඒ කණ්ඩායම තෙදින තරගය ජය ගත්තේ හඹා යමින් කඩුලු 4 කින් ය.එය, නවසීලන්ත ඒ කණ්ඩායම ලබා ගත් ලකුණු 302 හඹා යමින් ලබා ගත් ජයග්‍රහණයක්.
මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මේ තරගාවලිය තුළ ප්‍රතිවාදීන් හඹා යාමේ හැකියාව,ප්‍රතිවාදීන්ට හඹා යාමට ඉඩ නොදී රැස් කළ ලකුණු ගණන රක්ෂා කිරීම මෙන්ම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ද ජයගත හැති බව පෙන් වූ තරගාවලියක් විය.හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී තරග දෙකක් පරාජය වී සිටි නවසීලන්ත ඒ කණ්ඩායම ලද කාසියේ වාසිය උපයෝගී කර ගෙන පළමුව පන්දුවට පහර දී හොඳ ලකුණු පූවරුවක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට කටයුතු සැළසුම් කළේය.
මුහම්මද් අබ්බාසි පන්දු 112 දී ලකුණු 110 නොදැවී රැස් කරමින් අපූරු ඉණිමක් දියත් කළේ නවසීලන්ත ඉණිමේ නැංගුරම වෙමින්ය.මැතිව් බොයිල් ලකුණු 85 ක් රැස් කළ අතර එය වාර්තා වූයේ පන්දු 80 දී ය.ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ඇති කළ ලකුණු 112 නවසීලන්ත ඉණිම 300 ඉක්මවා යා හැකි පරිදි සැකසූ ඉණිම විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථක වූයේ විජයකාන්තා වියස්කාන්ත් ය.ඔහු පන්දු ඕවර් 10 ලකුණු 46 ට කඩුලු 2 ක් ලබා නිමා කළේය.ට්‍රෙවින් මැතිව්ස් ද පන්දු ඕවර් 9 ක් යවා ලබා දුන්නේ ලකුණු 47 ක් පමණි.ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණි.
පිළිතුරු ඉණිමේ දී දෙවන තරගයේදී ශතකලාභී ලසිත් කෘස්පුල්ලේ ලකුණු 26 ට දැවී ගියත් ඔහු සහ කමිල් මිෂාර පළමු කඩුල්ලට පන්දු ඕවර් 9.1 ක් ගෙවෙන තැන ලකුණු 62 ක සබඳතාවයක් පවත්වා තිබුණේය.කමිල් මිශාර පන්දු 81 දී ලකුණු 83 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉණිමට හඹා යන ඉලක්කය පහසු කළේය.එහෙත් ශ්‍රී ලංකාවට ලකුණු 300 යනු අපහසු ඉලක්කයක් නොවන බව වෙඩි සැරය මුදා හැරියේ පවන් රත්නායක සහ අහන් වික්‍රමසිංහය.
පන්දු 62 න් ලකුණු 77 ක් ලබා ගත් පවන් තමා තව දුරටත් විශාවසනීයම පිතිකරුවෙක් බව අභියෝගාත්මක පරිසරයක් තුළ පැහැදිළි කළේය.අහාන් නොදැවී ලකුණු 64 ක් ලබා සිටියේ පන්දු 52 ට මුහුණ දෙමින්ය.පවන් නික්ම යන විට ලකුණු 199 ක් වූ ලකුණු පූවරුවට තව දුරටත් ශක්තියක් වෙන්නට මෙම තරගයේදී සහන් ආරච්චිගේ වෙනුවට නායකත්වයේ වගකිම භාරගෙන සිටි දිනූෂ සොනාල් ලකුණු 26 ක් ලබමින් පස්වන කඩුල්ල සඳහා අහන් සමඟ පැවත් වූ ලකුණු 65 ක සබඳතාවය ඒ මොහොතට තදින්ම අවශ්‍යය දෙයක් විය.
සයිමන් කීනි ලකුණු 54 ට කඩුලු 4 ක් දවා ගනිමින් ද,ටිම් ප්‍රින්ගල් ලකුණු 42 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද ශ්‍රී ලංකාවට ඇති කරන්නට උත්සාහ කළ පීඩනය දිය කර හරිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 46.2 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 6 ක් දැවී ලකුණු 304 ක් බවට පත් කර ගත්තේය.
ලකුණු පූවරුවට → https://bit.ly/4vmSS3w



