හෝමූස් සමුද්‍ර සන්ධියේ බදු අයකිරීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධය..

රෂිකා හෙන්නායක අප්‍රේල් 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා බදු අය කිරීමට ඉරානය දරන උත්සාහය ජාත්‍යන්තර නීතියට පටහැනි බව එක්සත් ජාතීන්ගේ නාවික ප්‍රධානියා අවධාරණය කරයි.

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මධ්‍යයේ මෙම මතභේදය හටගෙන ඇති අතර, මෙය ගෝලීය නාවික ගමනාගමනයට බාධාවක් වනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙම වැදගත් ජල මාර්ගයේ වෙළඳ කටයුතු අඩාල වී ඇති අතර, ඒ හරහා යාත්‍රා කරන නාවිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳවද දැඩි අවධානයක් යොමු වී ඇත.

කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අලුත් ගිවිසුම් වෙනුවට පවතින ජාත්‍යන්තර නීති රීතිවලට ගරු කරමින් නිදහස් නාවික ගමනාගමනය තහවුරු කළ යුතු බව පෙන්වා දෙයි.

ඉරාන බලධාරීන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට දරන උත්සාහය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් වන අතර, යුද්ධය අවසන් වූ පසුව ද මෙම ගාස්තු ක්‍රියාත්මක කිරීමට ඉරානය අපේක්ෂා කරන අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ සඳහා “ගාස්තු අය කිරීමේ හවුල් යාන්ත්‍රණයක්” (joint venture) පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) මහලේකම් ආසනියෝ ඩොමින්ගුස් (Arsenio Dominguez) මහතා අවධාරණය කරන්නේ මෙවැනි ස්වභාවික ජල මාර්ග සඳහා ගාස්තු අය කිරීමට කිසිදු රටකට අයිතියක් නොමැති බවයි.