ගැහැණු ජවය වැඩ අරඹයි: ද මාර්වල්ස් පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි!

0
283

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (Outbound Today): සූරයන්ගේ පාරාදීසයක් නිර්මාණය වූ මාර්වල් කතාංග ලොකු කුඩා කාගේත් එක ලෙස සිත්ගත් නිර්මාණයන් ගොන්නකි. ඔන්න මාර්වල් ෆෑන්ස්ලට මේ කියන්න යන්නේ අලුත්ම අලුත් සුපිරි නිව්ස් එකක්!

Marvel Studios හි ඉදිරියට එන නවතම චිත්‍රපටය, The Marvels 2023 නොවැම්බර් 10 වන දින තිරඟත වීමට සියල්ල සූදානමින්… එහි නවතම ටීසර් ට්‍රේලරය මේ වනවිට සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

The Marvels Poster: marvelcinematicuniverse.fandom.com

චිත්‍රපටයේ බ්‍රී ලාර්සන් (Brie Larson) නැවතත් කැප්ටන් මාර්වල්/කැරොල් ඩැන්වර්ස් (Captain Marvel/Carol Danvers) ගේ චරිතයට පණ පොවයි.

Marvel Studios WandaVision හි වැඩිහිටි මොනිකා රැම්බෝ (Monica Rambeau) ලෙස ප්‍රථම වරට හඳුන්වා දුන් ටියෝනා පැරිස් (Teyonah Parris) සහ මිස් මාර්වල් (Ms. Marvel) කතා මාලාවේ Ms. Marvel ලෙස පෙනී සිටි ඉමාන් වෙලානි (Iman Vellani) සමඟ එකතුව මෙම නිර්මාණය අලුත් මුහුණුවරක් ගෙන ඇත.

Marvel Studios හි Ms. Marvel කෙටි ටෙලි නාට්‍ය මාලාව, සහ WandaVision කෙටි ටෙලි නාට්‍ය මාලාව අවසාන වූයේ ප්‍රශ්න ගොන්නක් ප්‍රේක්ෂකයන්ට ඉතිරි කරමිනි. MCU විශ්වය තුළ රැම්බෝ ගේ ඉදිරි කාර්යභාරය කුමක්ද? Ms. Marvel ලෙස පළමු වරට තිරයට ආ පුංචි කමලා කෙල්ල ගේ අද්විතීය බැංගල් වළල්ල පිටුපස තිබෙන අභිරහස කුමක්ද? Captain Marvel වූ කැරොල් සහ කමලා අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

The Marvels මෙම ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එන්න! කාන්තාවන්ගේ බලය, ජවය රඳවමින් ගැහැණු ජවය ඔප්නංවන නිර්මාණයක් සමඟ එකතු වන්න!

මෙන්න ඔබට එහි පළමු අඩහැරය!