*
Friday, November 22, 2024
spot_img

Latest Posts

නීතිය යටත්විජිතකරණයෙන් මුදවා ගැනීම: යල්පැන ගිය “සදාචාර නීති” අහෝසි කරනු! 

නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන්ගේ අදහස් ඉදිරිපත් කිරීමකි.

මානව හිමිකම් උල්ලංඝනය කරන සුළු ආගන්තුක සංස්කෘතික සහ සදාචාර පැනවීමක් යමෙකුගේ ස්වකීය නීතිය සහ විශ්වාසය බවට පත්විය හැකි ද? අනිවාර්යයෙන්ම, 1841 පාදඩ ආඥා පනත (Vagrants Ordinance of 1841), සහ 1883 දණ්ඩ නීති සංග්‍රහය (Penal Code of 1883) හරහා සම්මුතිගත සමරිසි සබඳතා සාපරාධීකරණය කිරීම ආදී “සදාචාර නීති” හඳුන්වා දීම තුළින් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය විසින් ශ්‍රී ලංකාවට දායාද කරනු ලැබුවේ මෙයයි.

නීති සම්පාදනය සහ/හෝ අධිකරණ ක්‍රියාමාර්ගවලින් නිර්සාපරාධීකරණය කිරීමට හිටපු යටත් විජිත රාජ්‍ය වෙරදැරීමේ සන්දර්භය හමුවේ, බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ උරුමය බරපතල අන්දමින් පළුදු කරවන සම්මුතිගත සමරිසි සබඳතා සාපරාධීකරණය කිරීම පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණ තිබේ. යටත්විජිතකරණයට ලක්වූ පුද්ගලයන්ගේ මනසට කාවද්දා ඇති වික්ටෝරියානු යුගයේ ආගම හා සදාචාරය බැඳි මතවාද සහ නීතිය බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයට ලක්වීම පිළිබඳව, ශාස්ත්‍රඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් දිගටම ලේඛනගතකරමින් සිටින අයුරු දැකිය හැකිය.

2023 මාර්තුවන විට, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 129 ක සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා නීත්‍යානුකූල වන අතර, 62 ක තවමත් සම්මුතිගත සමරිසි සබඳතා නීතිය ඔස්සේ අපරාධ වරදක් සේ සැලකෙන බවත්, අතිරේකව සාමාජික රටවල් දෙකක් විසින් මෙම සබඳතා සාපරාධීකරණය කරන නීති ක්‍රියාවට නංවන බවත්, ජාත්‍යන්තර සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික සංගමය (International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association: ILGA) විසින් හඳුනා ගෙන තිබේ. මෙසේ සමරිසි සබඳතා සාපරාධීකරණය කරන සාමාජික රටවල් අතර, රටවල් 30 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් උරුම වූ නීති මත පිහිටා එලෙස සාපරාධීකරණය කිරීම සිදුකරනු ලබයි.

බොහෝ ආසියාතික සහ අප්‍රිකානු රාජ්‍යවල භාවිතා කරන දණ්ඩ නීති සංග්‍රහ ආදර්ශයට ගෙන තිබෙන්නේ, 1860 වර්ෂයේ දී මැකොලේ සාමිවරයා විසින් කෙටුම්පත් කරන ලද ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයයි (IPC). ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය, බ්‍රිතාන්‍යයේ 16 වන සියවසේ හඳුන්වා දුන් ගුද සංසර්ගය තහනම් කිරීමේ පනත හෙවත් බගරි පනත (Buggery Act) මත නිමවන ලද අනුරුවකි. මීට සමාන වගන්තීන් යටත් විජිත පුරා ඒ ඒ රටවල් විසින් භාවිතා කළ දණ්ඩ නීති සංග්‍රහවලට ඇතුළත් කළ අතර, එම නීතී “බගරි නීති” (buggery laws), හෝ “සොදොමි නීති” (sodomy laws) ලෙස හඳුන්වනු ලැබීය. බ්‍රිතාන්‍යය විසින් මෙවන් නීති තම යටත් විජිතවලට හඳුන්වා දීමට තුඩුදුන් ප්‍රධාන හේතුවක් බවට පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙන්නේ, ආසියාවේ සහ මැද පෙරදිග රටවල පැවති “ආකර්ෂණීය සහ අධි අනුරාගී සංස්කෘතිය හමුවේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මුළා වීමෙන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයයි.” කම්කරු වෙළඳපොලේ නැග්ම පවත්වා ගැනීම සඳහා යටත් විජිතවල සිඟමන් යැදීම, අයාලේ යාම, සහ හිසට වහලක් නොමැතිවීම වැනි දෑ සාපරාධීකරණය කිරීමට සිතාමතාම අයාලේ යෑමේ සහ සිඟමන් යැදීමට අදාළ නීති බලාත්මක කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළේය.

දණ්ඩ නීති සංග්‍රහය සම්පාදනය කළ තෝමස් මැකෝලේ සාමිවරයා | ඡායාරූපය: GETTY IMAGES

වුල්ෆන්ඩන් කමිටුවේ (Wolfenden Committee) නිර්දේශ මත, 1967 වර්ෂයේ දී වයස 21 ට වැඩි පිරිමින් දෙදෙනකු අතර පෞද්ගලික අවකාශයේ සිදුවන සමලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට එංගලන්තය සහ වේල්සය කටයුතු කළේය. ජේ.එස්. මිල් සහ එච්.එල්.ඒ. හාර්ට් නම් දේශපාලන දාර්ශනිකයන් දෙදෙනා විසින් ජනගත කරන ලද අපරාධ නීතිය සහ සදාචාරය අතර ඇති සබඳතාවය පිළිබඳ න්‍යාය 1957 වර්ෂයේ දී වුල්ෆන්ඩන් කමිටුවේ අධ්‍යයනයට ලක්විය. වුල්ෆන්ඩන් වාර්තාවේ දැක්වෙන්නේ මෙවැන්නකි: “අපරාධයේ විෂයය, පාපයේ විෂයය හා සම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය විසින් අප්‍රතිහත උත්සාහයක් දරන අවස්ථාවකදී හැරුණු විට, පෞද්ගලික සදාචාරය සහ දුරාචාරය සඳහා වෙන්වූ අවකාශයක් පැවතිය යුතු අතර, මීට, කෙටි සහ සරල බසින් කිවහොත්, ඇඟිලි ගැසීමට නීතියට හැකියාවක් නොමැති අතර, එකී කරුණු සැලකිල්ලට ගෙන අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ හානි වළක්වා ගැනීමට මිස “සදාචාර වටිනාකම්” සම්පාදනය කිරීමට නොවන බව පෙනී යයි.” මෙම නීතිය භාවිතාකොට පුද්ගලයන් අවමාන තර්ජනයට ලක්කිරීම, සහ එසේ අවමාන තර්ජනයට ලක්වූ පුද්ගලයන් තමාට එරෙහිව “සොදොමි නීති” යටතේ චෝදනා එල්ලවනු ඇතැයි බියෙන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට යාමට වත් අපොහොසත් වීම එකළ පවා සිදුව ඇති බවට එම වාර්තාව ඔස්සේ අනතුරු අඟවයි. මෙය සත්‍යයක් පමණක් නොව ශ්‍රී ලංකාව තුළ අදටත් දක්නට ලැබෙන සුලභ සිදුවීමකි.

වුල්ෆන්ඩන් වාර්තාව | ඡායාරූපය: blog.nationalarchives.gov.uk

2018 වර්ෂයේ අප්‍රේල් මස, එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේ, යටත් විජිත රාජ්‍යවලට “සොදොමි නීති” හඳුන්වා දීම, සහ ඒ ඒ රටවල වෙනස්කොට සැලකීමේ, ප්‍රචණ්ඩත්වයේ සහ මරණයේ පවා උරුමයන් බිහිවීම කෙරේ බ්‍රිතාන්‍යය දැරි භූමිකාව සම්බන්ධයෙන් තමා පසුතැවෙන බවයි. එමෙන්ම සමරිසි සබඳතා වහා නිර්සාපරාධීකරණය කරන මෙන් සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය නොකළ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් වෙතින් ඈ ඉල්ලීමක් කළාය.

ශ්‍රී ලංකාව තුළ, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ, පිළිවෙලින් “ස්වභාවධර්මයට පටහැනි ලිංගික සංසර්ගය” සහ “දැඩි අශිෂ්ට ක්‍රියා” සාපරාධීකරණයට ලක්වීම සිදුවේ. දණ්ඩ නීති සංග්‍රහය විසින් මෙම වගන්තිවලට අර්තනිරූපණයක් ලබා දී නොතිබුණ ද, සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙකම භාවිතා කර තිබේ. මෙම “අපරාධවලට” වරදකරුවන් බවට පත්වන පුද්ගලයන් වසර දහයක කාලයක් දක්වා වූ සිරදඬුවමකට නියම කළ හැකිය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති | ඡායාරූපය: LNW Archives

ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා පනත, ඉන්දියාවේ “සිඟමන් යැදීමේ නීති” (beggary laws) මෙන්, ‘කලහකාරී ලෙස හෝ අනිසි ලෙස හැසිරීම’ (riotous and disorderly manner), ‘ඉබාගාතේ යාම’ (wandering), ‘කම්මැලි ලෙස හැසිරීම’ (idling), ‘වංචනික හෝ ප්‍රයෝගකාරී ලෙස පුණ්‍යාධාර එකතු කිරීම’ (gather or collector of arms under false pretense), ‘තුවාල, ලාදුරු, අංගවිකල හෝ වෙනත් රෝගයක් පෙන්වමින් සිඟමන් යදින්නන්’ (endeavoring by the exposure of wounds, deformities, leprosy or loathsome disease), හා ‘අවකල් ක්‍රියාවන්හි යෙදීම හෝ ඊට පෙළඹවීම’ (soliciting, or acts of indecency) වැනි සමාජ චර්යාවන් වලට දඬුවම් පමුණවමින් “ශිෂ්ටභාවය” (decency) නියාමනය කිරීම සඳහා නීතියක් ලෙස යොදාගැනෙයි. පුද්ගලයකුගේ සැබෑ හෝ අනුමාන කරන ලද ලිංගික දිශානතිය, හෝ සමාජභාවී අනන්‍යතාවය හෝ සමාජභාවී ප්‍රකාශනය මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මෙම පාදඩ ආඥා පනත භාවිතා කිරීම පොලීසිය විසින් නිත්‍ය පිළිවෙතක් ලෙස අනුගමනය කරනු ලබයි. මෙවන් බොහෝ සිදුවීම්වලදී, ඔවුනට එරෙහිව චෝදනා ගොනු කිරීමක් සිදු නොවන අතර, ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදුවන්නේ ද කලාතුරකිනි. ඒ වෙනුවට, ඔවුනට කෙණහිලිකම් සිදු කිරීම සහ සමච්චලයට ලක් කිරීම සිදුවන අතර, නිදහස ලබා ගැනීමට ඔවුන් අල්ලස් ගෙවන තත්ත්වයට පත් කිරීම සුලභව සිදුවේ. 

පාදඩ ආඥා පනත අහෝසි කිරීම, සහ විශේෂයෙන්ම රැඳවුම් නිවාස ආඥා පනත (Houses of Detention Ordinance) වැනි “අයාලේ යාමට” අනුබද්ධ සියලු නීති සමාලෝචනය කිරීම සිදුකොට, එකී නීති ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ප්‍රමිතීන් කෙරේ ශ්‍රී ලංකාවේ ඇති බැඳීම් හා අනුකූල වන බවට තහවුරු කළ යුතු බව ජාත්‍යන්තර නීති විශාරදයන්ගේ කොමිසම (International Commission of Jurists: ICJ) විසින් ඉකුත් වර්ෂයේ නිකුත් කළ නෛතික වාර්තාවක දැක්වෙයි.

නීතිවිද්‍යාව යටත්විජිතකරණයෙන් මුදවා ගැනීම: පශ්චාත් යටත් විජිත රාජ්‍යවල ආන්තීකරණයට ලක්වූ පුද්ගලයන්ගේ අභිමානය, පෞද්ගලිකත්වය, සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීම්වලට ලක් නොවී සිටීමට ඇති අයිතීන් සුරක්ෂිත කිරීම” පිළිබඳව 2023 වර්ෂයේ මාර්තු මස ජාත්‍යන්තර නීති විශාරදයන්ගේ කොමිසම විසින් ආසියාවේ සහ අප්‍රිකාවේ විනිසුරුවන් සහ ක්‍රියාකාරීන් සමඟ දකුණු-දකුණු අධිකරණ සංවාදයක් සංවිධානය කර තිබිණි. මෙම කැඳවීම හරහා, පැවති යටත් විජිත රටවල ජීවත්වන ලිංගික සහ සමාජභාවී සුළුතරයන්ට අයත් පුද්ගලයන්ගේ මානව හිමිකම් කෙරේ නීතිය සහ යටත්විජිතකරණය බලපා ඇති අන්දම සංවාදයට බඳුන් කරන ලදී. සම්මුතිගත සමරිසි සබඳතා සාපරාධීකරණය කිරීම සහ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම, බ්‍රිතාන්‍ය යටත් විජිත අදහස් නීතිය ඔස්සේ මුල්බැසගෙන තිබීමේ ප්‍රතිඵලය මත සිදුවන්නක් බවත්, සාපරාධීකරණය හෝ වෙනස්කොට සැලකීම මෙකී පැවති යටත් විජිත රටවල සාරවත් සංස්කෘතික උරුමයන්ගෙන් පැමිණෙන ලද්දක් නොවන බවත් එම සංවාදයට සහභාගී වූ පිරිස එකහෙලා පිළිගත්තේය. 

මෙහි දී, සමරිසි ලිංගික සබඳතා පිළිඹිමු කෙරෙන, ඉන්දියාවේ කජුරාහෝ සහ කොනාර්ක් හි පිහිටි හින්දු දේවස්ථාන සහ අජන්තා සහ ඇල්ලෝරා හි පිහිටි බෞද්ධ පූජනීය ගුහාවල පිහිටි අනුරාගී ප්‍රතිමා හෝ රූප, සහ සංක්‍රාන්ති සමාජභාවී සහ/හෝ අන්තර්ලිංගික අනන්‍යතා ඇති බවට විශ්වාස කෙරෙන අරවාන් සහ ෂිඛන්දි වැනි මහාභාරතයෙන් ඇසෙන පුරාණෝක්ති ප්‍රාණීන් පිළිබඳ කතා මඟින් පසක් කෙරෙන සංස්කෘතිය සහ කලාව උදාහරණයට ගනිමින් කරුණු දැක්වීමට ක්‍රියාකාරීන් කටයුතු කළ අතර, බ්‍රිතාන්‍යයන් විසින් වැපිරූ පටු ආගමික හා සදාචාර වටිනාකම්වලට වඩා වෙනස් ප්‍රගතිශීලී ලක්ෂණ තම සංස්කෘතියේම පවතින බවට පෙන්වා දෙමින් ඉන්දියානු සහ නේපාල විනිසුරුවන් විසින් තර්ක ගොඩනැඟීම සිදුවිය. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ සීෂෙල්ස් වැනි අප්‍රිකානු රාජ්‍යයන් ද සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම මඟින් යටත් විජිත යුගයේ නීති විලංගු ඉවත් කර ගැනීමට සමත්ව තිබේ. මෙම ප්‍රගතිය, තම සංස්කෘතික ලක්ෂණ වැළඳ ගැනීම සහ උබුන්ටු (Ubuntu) සංකල්පය, හෝ අප්‍රිකානු මානවවාදය වැනි කරුණු ඔස්සේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීම මත ඇතිවූවකි. සම්මුතිගත සමරිසි සබඳතා යනු බටහිර ආභාෂයෙන් ලද්දක් බවට මහජනතාව අතර පවතින විශ්වාසය බැහැර කර දැමිය හැකි සහ මෙහි පවතින සත්‍ය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පෙන්වා දිය හැකි වන්නේ මෙම අවබෝධය ලබා ගැනීමෙනි. පිළිගැනීම ආසියානු සහ අප්‍රිකානු සංස්කෘතීන්වල කොටසක් වන අතරවාරයේ සමරිසිභීතිකාව යනු බටහිර විසින් පටවන ලද්දයි.

2022 අභිමානයේ පාගමන | ඡායාරූපය: Cheers Sri Lanka

1994 වර්ෂයේ ටූනන් වී. ඕස්ට්‍රේලියා (Toonen v. Australia) නඩු තීන්දුවේදී, ටස්මේනියාවේ “සොදොමි නීති” සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (ICCPR) පෞද්ගලිකත්වය පිළිබඳ 17 වන වගන්තිය සහ වෙනස්කොට සැලකීම් සිදු නොකිරීම පිළිබඳ 26 වන වගන්තිය උල්ලංඝනය කළ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නිගමනය කළේය. එමෙන්ම, මීට අදාළව ටස්මේනියාව විසින් ඉදිරිපත් කළ මහජන සදාචාරය පිළිබඳ යුක්තිසාධනය කමිටුව ප්‍රතික්ෂේප කළේය. එතැන් පටන්, සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මානව හිමිකම් කමිටුව සහ එක්සත් ජාතීන්ගේ වෙනත් ගිවිසුම් ඒකක විසින් වරින් වර සාමාජික රාජ්‍යවලින් ඉල්ලීම් සිදු කර ඇත. වඩාත් මෑත දිනක දී මීට සමාන නිර්දේශයන් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කිරීමට ද එම කමිටුව කටයුතු කර තිබිණි.

ලිංගික හා සමාජභාවී සුළුතරයන් පිළිගන්නා සාරවත් සංස්කෘතීන්වලට උරුමකම් කියන කෙන්යාව සහ උගන්ඩාව වැනි රටවල ක්‍රියාකාරීන් විසින් ඒ පිළිබඳව තම අනෙකුත් පුරවැසියන්ට සිහිපත් කර දීමට වෙර දරන අතරවාරයේ, පකිස්ථානයේ තරමක් දුරට ප්‍රගතිශීලී 2018 සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත (Transgender Protection Act of 2018) අවලංගු කිරීම ඔස්සේ මානව හිමිකම් අහිමි කිරීමකට වෙර දරන නීති සම්පාදනයකට එරෙහිව එරට ක්‍රියාකාරීන් අරගලකරන අතරවාරයේ, මෙම සංවාදය හුදෙක් එකී රටවලට පමණක් නොව, “නිර්සාපරාධීකරණය” නැවත වරක් උණුසුම් සිරස්තලයක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකාවට ද අදාළ බව සිහිපත් කිරීම වැදගත් ය. සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කොට, ලිංගික සහ සමාජභාවී සුළුතරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍යව ඇති නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දී, තම යටත් විජිත අතීතයෙන් උරුම වූ “සදාචාර-ප්‍රතිපත්තීන්ගෙන්” බැහැර වී, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික පුද්ගලයන්ට සිදුවන වෙනස්කොට සැලකීම් තුරන් කිරීමට සහ ඔවුනට සමාන ආරක්ෂාව ලබා දීමට හැකි බව ශ්‍රී ලංකාව විසින් දැන් පෙන්විය යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan