*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ක්‍රිඩා ඇමති තවත් ලෙඩක් දා ගනියි…?

අප නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි වෙත පැන වූ තහනම ඉවත් කිරීම සඳහා අධිකරණයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට දැණුම් දුන් කරුණු වසරක පමණ කාලයක් පමා කර අධිකරණයට දන්වද්දිම එය අවංකභාවයෙන් නොකරන්නේනම් සිදු විය හැකි අනතුර ද ඒ පිටුපස ඇත්තේ රග්බි පරිපාලනය සඳහා වන දේශපාලන සහය ලබා ගැනීමේ ඩීල් එකක් ද බව පෙන්වා දුන්නෙමු.නමුත් ශ්‍රී ලංකා රගර් වාරණයට ලක් කිරීමට එරෙහිව රගර් පරිපාලනය පැන වූ නඩුව අනුවත්,උදිකරණය පෙන්වන ලද කරුණු අනුවත් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන සැනින් ක්‍රීඩා අමාත්‍යවරයා නැවත රගර් පරිපාලනය විසුරුවා හැරීමට තමන්ගේ බලය යොදා ගනිමින් ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වන වගන්ති යොදා ගැනීම අතේ උල් ආයුධ සඟවා ගෙන බොරු මිත්‍රශිලී ස්වභාවයකින් අතට අත දීම වැනි වංක ක්‍රියාවකි.

නමුත් මේ කාරණයට අත දිගු කිරීම වෙනුවට බොහෝ විට රගර් පරිපාලනය තෝරා ගනු ඇත්තේ අධිකරණයට එම උල් පෙන්වීමය.අමාත්‍යවරයා වටේ රගර් පුටුවලට කෙළ හලන පිරිස් විවිධ යකුන්,කුම්භාණ්ඩයින් මවා පෙන්වා කරනු ලබන යාග හෝමවලින් සිත විකල් කර ගෙන කටයුතු කිරිම අමාත්‍යවරයෙකුගේ වගකිම නොවන්නේය.මේ තත්ත්වය ආසියානු සභාපතිවරයාගේ ආශිර්වාදයෙන් සමනය කර ගැනීමේ හීනයක් අමාත්‍යවරයාට රගර් කේවට්ටයන් විසින් පෙන්වා ඇති බවට සැක නැත.නමුත් ආසියානු සභාපතිවරයාගේ පෞද්ගලික එදිරිවාදකම පිරිමසා ගැනීමට ඔහුගේ නූලේ ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ගැට ගසා ගත්තද,ජාත්‍යන්තර රගර් සම්මේලනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගැට ගසා ගන්නට නොහැකි වූ බව සිහිපත් කරනු කැමත්තෙමු.
මේ වන විටත් ආසියානු සභාපතිවරයාට ඔලිම්පික් කමිටුව පැත්තෙන් එල්ල වි ඇති බලපෑම සමනය කර ගැනිමට ඔහු තමන්ගේ හිතවතුන් යොදා ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා පාවිච්චි කරන්නේ අදහස් දෙකක් හිතේ තබාගෙන විය හැකිය.එක අදහසකින් ශ්‍රී ලංකා සභාපතිවරයා සමඟ ඇති නෝක්කාඩුව පියවා ගැනීමය.දෙවන කාරණය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාව දේශපාලනික අර්ථයෙන් ගෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ ජාත්‍යන්තර රගර් සම්මේලනයට ශ්‍රී ලංකාව තහනම් කිරීමට මාර්ගයක් සකස් කර දීමය.දෙවන කාරණය සම්බන්ධයෙන් ආසියානු සභාපතිවරයා කිසිඳු කණගාටුවක් නොවන බව සහතිකය.මන්ද ඔහු හරහා උදව් ලබා ගෙන ශ්‍රී ලංකාව නිලවරණයේදී ඔහුට විරුද්ධව ඡන්දය දී ඇත.ඒ ඡන්දය භාවිතා කළේ අද අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාව නියෝජනය කරන ලසිත ගුණරත්නය.අද වචනයකට වත්මන් සභාපතිවරයා සමඟ මෙතරම් වෛරි අදහසකින් හැසිරෙන ආසියානු සභාපතිවරයා තමනගෙන් උපකාර ලැබ තමන්ට ඡන්දය දුන් කෙනෙක් සිප ගද්දි මොළය යාන්තමට හෝ ඇත්නම් කට හපා කෑමට ඇති ඉඩ ගැන ද අවධානයෙන් සිටිය යුතුය.මේ සිඳුවන්නේ වත්මන් සභාපතිවරයාට හෝ රටේම රගර්වලට වින කැටීමට ආසියානු සභාපතිවරයාට ඇති ඇරියස් එකට ක්‍රීඩා අමාත්‍යවරයා පාවඩ එළිමය.

එසේම ක්‍රිඩා අමාත්‍යවරයා එක් තීන්දුවකින් රගර් සභාපතිවරයා ඉවත් කිරීම මේ වන විට අධිකරණය විසින් නවතා තිබියදි මෙන්ම ක්‍රීඩා පණතේ නව සංශෝධන ද ක්‍රියාත්මක කිරිම වළක්වා තිබියදී ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව රගර් පරිපාලනය විසුරුවා හරීනම් එය රටේම ක්‍රීඩාව සම්බන්ධයෙන් දුර දිග නොබලා අමාත්‍යවරයා ගත් තවත් අමනෝඥ ක්‍රියාවක් වනු ඇත.


පෙර සබැඳිය –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan