අවුරුදු දවසේ කාලගුණය

Date:

අද (13) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (13) දහවල් 12:10 ට කුමුලමුනෙයි, මුරිකන්ඩි, කෙරිදමඩු සහ තන්නියට්ටු යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...